Divaina - ජිනීවා යෝජනාවේ සම අනුග‍්‍රහයෙන් ද ඉවත්වනවා

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

re1 1- සංහිඳියාව ඇති කරන්න දේශීය යාන්ත‍්‍රණයක් හරහා වැඩපිළිවෙළක් තියෙනවා

- ඇමැති දිනේෂ් ජිනීවා සමුළුව අමතමින් කියයි

- ශ‍්‍රී ලංකාව තුළ දේශීය යාන්ත‍්‍රණයක් හරහා සංහිඳියාව ඇති කිරීමට රජයට වැඩපිළිවෙලක් පවතින බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය අමතමින් ප‍්‍රකාශ කර සිටියේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ 2015 වර්ෂයේ දී ශ‍්‍රී ලංකාව සමඅනුග‍්‍රහය දැක්වූ 30/1 යෝජනාවෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වන බවයි. ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් මෙම දැනුම් දීම සිදු කරන ලදී. විනාඩි 20 කට වැඩි කාලයක් කවුන්සිලය ඇමතු ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම සම අනුග‍්‍රහය දැක්වීම රටේ ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මෙරට සංහිඳියාවේ වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ වන ජිනීවා යෝජනාවේ සම අනුග‍්‍රාහකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයෙන් අනතුරුව රජය සිදුකරන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කවුන්සිලය හමුවේ හෙළිකර තිබේ.

මීට අමතරව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් අද (27* සිදුකරන ශ‍්‍රීලංකාව පිළිබඳ වාචික කරුණු ඉදිරිපත් කිරීම්වලට විදේශ සබදතා අමාත්‍යවරයා ප‍්‍රතිචාර දක්වනු ඇත.
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles