Divaina - ජනපති මැතිසබය විසුරුවන දිනට පසුදාම ඡන්දයට අවශ්‍ය ගැසට් නිවේදන 4 ක් නිකුත් කරනවා-මැකොස කියයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

mahinda1ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඊට පසු දිනම (03දා) මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය අති විශේෂ ගැසට් නිවේදන හතරක් නිකුත් කිරීමට සියල්ල සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.

මැතිවරණ කොමිසමේ එක් සාමාජිකයකු විදේශගත වී ඇති නිසා ඔහුගේ පැමිණීම ප‍්‍රමාද වුවහොත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතාට අදාළ ගැසට් නිවේදනවලට අත්සන් කිරීමට බලය පවරා ඇතැයිද ඒ මහතා කීවේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය වහාම දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරි ලේඛනයත්, නාමයෝජනා භාරගන්නා මධ්‍යස්ථානත්, අවතැන් ඡුන්ද දායකයන්ට අදාළ ලේඛනත් ඇතුළු ගැසට් නිවේදන හතරක් නිකුත් කළ යුතු වෙයි.

ඉදිරි දින හත ඇතුළත දිනක දී ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට වාර්තා ඇති බව කී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා, ලබන අපේ‍්‍රල් මස 25, 27, 28, හෝ මැයි මස 04 වැනිදා ඡුන්ද විමසීම සිදු කළ හැකි බව කොමිසම ජනපතිවරයා වෙත දැනුම් දුන් බවත් කීවේය.

ඒ මහතා මේ බැව් පැවසුවේ ඊයේ (26දා) මැතිවරණ කොමිෂන් සභා ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙවර මැතිවරණයට ද රුපියල් කෝටි 600 ක පමණ මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති බව කී ඒ මහතා, නාමයෝජනා පත‍්‍ර වැඩිපුර ප‍්‍රමාණයක් ලැබුණහොත් මෙම ඇස්තමේන්තු මුදල වැඩිවනු ඇතැයිද කීවේය. ඉකුත් ජනාධිපතිවරණයට වූ වියදම් සඳහා තවත් රුපියල් කෝටි 300 ක් අවශ්‍ය බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

රනිල් ධර්මසේන - පින්තූරය නිමල් දයාරත්න

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles