Divaina - මානව හිමිකම් කොමසාරිස් අද ජිනීවා සැසිය අමතයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p1 4මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් මහත්මිය අද (27 දා) 43 වැනි මානව හිමිකම් සැසිවාරය අමතනු ඇත. එහිදී ඇය ඉදිරිපත් කරන වාර්තාවෙන් ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදාව ප‍්‍රතිසංස්කරණයට ලක් කරන ලෙස ඉල්ලා තිබේ.

ඇගේ වාර්තාව පිටු නවයකින් යුක්තය.

ඇය සිය වාර්තාවෙන් තවදුරටත් දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කළ යුතු බවයි.

මේ අතර විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (28 දා) මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් සමග සාකච්ඡුාවක් පවත්වනු ඇත.

එහිදී ශී‍්‍ර ලංකා රජය කොන්දේසි පහක් යටතේ මානව හිමිකම් කවුන්සිලය සමග කටයුතු කිරීමට කැමැති බවට ප‍්‍රකාශ කිරීමට නියමිතය.

මෙහිදී ජිනීවා යෝජනාවෙන් ඉවත් වීමට තුඩු දුන් කරුණු ගැන ද ඇමැතිවරයා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත පැහැදිලි කිරීමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles