Divaina - රාමසාන් සමයට පෙර ආණ්ඩුව මහ ඡුන්දයට දිනයක් ඉල්ලනවා - බොහෝවිට එය අපේ‍්‍රල් 25 වේවි-මැකොස කථානායකට කියයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta



අකිත පෙරේරා


a macoඅපේ‍්‍රල් මස අගදී පැවැත්වෙන රාමසාන් උපවාස කාලය ඇරඹීමට පෙර මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් ලබා දෙන්නැයි ආණ්ඩුව තමාගෙන් ඉල්ලීමක් කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කථානායක කරු ජයසූරිය මහතාට පවසා ඇත.


‘පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය’ නමැති ග‍්‍රන්ථය පිළිගැන්වීමට මැතිවරණ කොමසාරිස්වරයා පෙරේදා (24දා* කථානායක කරු ජයසූරිය මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබේ.
මැතිවරණ කොමිසම් කාර්යාලය විසින් සම්පාදිත මෙම පොතෙහි 2015 හැර මෙරට පැවැති සියලූම මැතිවරණ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කර තිබේ.

මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් පවතින තොරතුුරු මොනවා දැයි කථානායකවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගෙන් විමසා ඇති අතර, ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා මාර්තු 2 දා වත්මන් පාර්ලිමේන්තුව බොහෝදුරට විසුරුවා හරිනු ඇතැයි තමාට දැඩි විශ්වාසයක් පවතින බවත්, රාමසාන් උපවාසය ආරම්භ වීමට පෙර මැතිවරණය පැවැත්වීමට දිනයක් ලබා දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක් ඇතැයි ද පවසා තිබේ.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය බොහෝදුරට අපේ‍්‍රල් 25 දා පැවැත්වෙනු ඇතැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කථානායකවරයාට කියා ඇත.
වඩා ස්වාධීන ලෙස මහ මැතිවරණය පවත්වන ලෙසත්, මැතිවරණය නිරීක්ෂණය කිරීමට විදෙස් නිරීක්ෂකයින් ගෙන්වන ලෙස සහ මාධ්‍ය නිසි පරිදි භාවිත කිරීමට කි‍්‍රයා කරන ලෙසත් කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන් බව පාර්ලිමේන්තු ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles