Divaina - මහ බැංකුවේ ඉහළ මහලින් පැන 16 හැවිරිදි සිසුවා දිවි නසාගනියි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර, ප‍්‍රදීප් ජයසේකර
 
 කොළඹ කොටුව පිහිටි ශ‍්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉහළ මහලින් 16 හැවිරිදි පාසල් සිසුවකු බිමට පැන සියදිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

 ඊයේ (25 වැනිදා* සවස 3.15 ට පමණ මෙම සිද්ධිය සිදුවී තිබේ. මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මහ බැංකුවේ නීති අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ පුතකු බව හෙළිවී ඇතැයි ද පොලිසිය කියයි.

 මියගොස් ඇත්තේ මාලබේ, කහංතොට ප‍්‍රදේශයේ පදිංචිව සිටි නිදුක් කුඩාගමගේ නමැති පාසල් සිසුවෙකි.
 
 මෙම සිසුවා ඊයේ සවස තම පියා මුණගැසීම සඳහා මහ බැංකුව වෙත ගොස් තිබේ. එහිදී ඔහු තම පියාව සොයා ඇතත් පියාව හමුවී නැත. එහිදී ඔහු පියා වැඩ කටයුතු කරන කාමරය වෙත ගොස් එහි පරිගණකයක සටහනක් තබා ඉහළ මහලින් බිමට පැන ඇති බව පැවසේ.
 
 මෙම සිසුවා මෙලෙස දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නැතැයි ද පොලිසිය කියයි.
 
 සිය පුත‍්‍රයා දිවිනසාගෙන ඇති බව සැලවීමෙන් කම්පනයට පත් පියා ද රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
 
 කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය පාසල් සිසුවා දිවි නසාගත් ස්ථානයට පැමිණ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර, පසුව සිසුවාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කොළඹ ජාතික රෝහල වෙත රැුගෙන යනු ලැබීය.
 
 සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles