Divaina - සුදු වෑන් මාධ්‍ය හමුවේ දෙදෙනා ගම්පහදී තවත් ගේමක් ගහලා... ලක්‍ෂ 46ක මුදල් දේපළ කොල්ල කා තවත් 5ක් සමග දැලේ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
හේමන්ත රන්දුණු
 
sudu135
 හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ බව කියන ආන්දෝලනාත්මක සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට සම්බන්ධ වූ අපරාධකරුවන් දෙදෙනා මීට දින කිහිපයකට උඩදී ගම්පහ ප‍්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයකට කඩා වැදී රුපියල් හතළිස් හය ලක්‍ෂයක මුදල් දේපළ කොල්ලකෑ සිද්ධියේ සුල මුල හෙළිකරගත් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය එම අපරාධකරුවන් දෙදෙනා ඇතුළු හත්දෙනකු අවි ආයුධයත් සමග ඊයේ (25 දා* අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම කොල්ලකෑම මෙහෙයවා ඇත්තේ සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට සහභාගි කරගෙන සිටි අපරාධකරුවන් දෙදෙනා විසින් බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
 
 මෙම කොල්ලකෑම සඳහා යොදාගත් ටී - 56 ගිනි අවියක් සහ ව්‍යාජ ගිනිඅවි කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
 
 කොල්ලකන ලද රුපියල් හතළිස් හය ලක්‍ෂයෙන් රුපියල් හත් ලක්‍ෂය බැගින් මුදල් සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට පැමිණ සිටි අපරාධකරුවන් දෙදෙනා විසින් ලබාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.
 
 මීට දින කිහිපයකට පෙර රාත‍්‍රියේ ගම්පහ කෙසෙල්බද්දර ප‍්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයකට දස දෙනකුගෙන් සමන්විත පිරිසක් පැමිණ ඇත්තේ ප‍්‍රතිකාර ලබාගැනීමට යැයි කියමින්ය.
 
 පසුව මෙම පිරිස ගිනි අවි පෙන්වා ආයුර්වේද මධ්‍යස්ථානයේ හිමිකරුවන්ට මරණ තර්ජන කර එහි තිබූ රුපියල් විසිපන් ලක්‍ෂයක මුදලක් සහ විසි එක් ලක්‍ෂයක් වටිනා රන් ආභරණ කොල්ලකාගෙන පලාගොස් තිබිණි.
 
 මෙම ආයුර්වේද මධ්‍යස්ථානයේ හිමිකරුවන් විහාරස්ථානයක ඉදිකිරීම් සඳහා පූජා කිරීමට සූදානම් කරගෙන සිටි රුපියල් විසිපන් ලක්‍ෂයක මුදල් මෙම පිරිස කොල්ලකාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.
 
 බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මෙම කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ සියලූ තොරතුරු හෙළිකරගෙන තිබේ.
 
 පසුව මෙම කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් දස දෙනාගෙන් හත්දෙනෙක් අත්අඩංගුවට ගත් අතර සෙසු සැකකරුවන් සොයා විමර්ශන පවත්වාගෙන යයි.
 
 රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය මැතිවරණ සමයේදී සංවිධානය කළ බව කියන සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට මෙම අපරාධකාරයන් ගෙන්වා මාධ්‍ය හමුවේ අසත්‍ය ප‍්‍රචාරයක් කළ බවට චෝදනා එල්ල වී ඇත.
 
 මෙම අපරාධකරුවන් දෙදෙනා මීට පෙර ද රට පුරා මහා පරිමාණ කොල්ලකෑම් රැුසක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත.
 
 සුදු වෑන් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට සහභාගි වීමෙන් පසු තමන්ට රුපියල් දස ලක්‍ෂය බැගින් මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ලබාදුන් බවට සැකකරුවන් දෙදෙනා ප‍්‍රකාශ කර තිබිණි.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles