Divaina - ට‍්‍රම්ප් සාකච්ඡා පවත්වද්දී දිල්ලියේ ගැටුම් 7 ක් මරුට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 චතුර පමුණුව
 
 ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දිල්ලියේ ඉන්දීය නායකයින් සමග සාකච්ඡුා පවත්වමින් සිටියදී, එම නගරයේම අනෙක් පැත්තේ මුස්ලිම් වැසියන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් හත් දෙනකු මරණයට පත්වී ඇත. 
 
 ගිනිකොණ දිග දිල්ලියේ ගැටුම් පවතින්නේ දින තුනක සිටය. මෙම ගැටුම්වලින් පොලිස් නිලධාරියකු ද මරණයට පත්ව තිබේ. නිවාස මෙන්ම ගිනි නිවීමට පැමිණි ගිනි නිවන රථ කිහිපයක්ද උද්ඝෝෂකයින් විසින් ගිනි තබා වනසා ඇත.
 
 පුරවැසි පනතට විරුද්ධ පිරිස සහ එම පනතට පක්ෂ පිරිස අතර ගැටුම් ඇතිවීම නිසා මෙම උද්ඝෝෂණ මැ`ඩ පැවැත්වීම අපහසු වී තිබේ.
 
 මේ ගැටුම්වලින් පුද්ගලයින් 100 ක් පමණ තුවාල ලබා ඇති අතර, පොලිස් නිලධාරීහු 48 ක් රෝහල් ගත කර සිටිති.
 
 දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට සන්සුන්ව කටයුතු කරන ලෙස ආයාචනා කර තිබේ.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles