Divaina - රිමාන්ඞ් භාරයේ සිටින කුඩු රජෙක් ඩුබායි සිට ලංකාවට මත්කුඩු සහ ගිනිඅවි පොම්ප කරයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

සමන් ගමගේ
 
 කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන මාතර කමල් නමැත්තා ඩුබායි රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් මෙරටට කුඩු තොග සහ ගිනිඅවි ගෙන්වීමේ ජාවාරමක නිරතව සිටින බව බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.
 
 ඇතැම් උසස් බන්ධානාගාර නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් බන්ධනාගාරය තුළ නවීන ජංගම දුරකථන භාවිත කරන මාතර කමල් දැනට ඩුබායි රාජ්‍යයේ රැුඳී සිටින මෙරට අංක එකේ කුඩු ජාවාරමුන් දෙදෙනකු වන දෙහිවල ශිරාන් භාෂික් සහ බඩෝවිට අසංකගේ සහායෙන් මෙම කුඩු ජාවාරම කරගෙන යන බවද වර්තා වී ඇත.
 
 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් ප‍්‍රධානියාව සිටි පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා විසින් ඉකුත් 2014 වසරේ මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරගත කෙරුණු දෙහිවල ශිරාන් භාෂික් සහ බඩෝවිට අංසක ඇප ලැබීමත් සමග අධිකරණය මගහැර ඩුබායි රාජ්‍යයට පැනගොස් තිබිණි.
 
 එසේ පලා යෑමෙන් පසුව මාතර කමල් නමැත්තා ඔවුන්ගේ සහාය ලබාගෙන පාකිස්තාන කුඩු ඒජන්තයන් හරහා මෙරටට හෙරොයින් මත්කුඩු තොග වශයෙන් ගෙන්වීමේ ජාවාරම කලක සිට කරගෙන යන බවටද තොරතුරු වාර්තා වී තිබේ.
 
 කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ජී 6 වාට්ටුවේ රඳවා සිටින මාතර කමල් මෙරටට පොම්ප කරන කුඩු තොග රටපුරා බෙදා හැරීමේ මහ මොළකරු ලෙස කටයුතු කරන්නේ බඩෝවිට ඉනෝමා නමැත්තා බවටද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇත. ¥ෂිත බන්ධනාගාර නිලධාරීන් නිසා මේ වනවිට බන්ධනාගාරගත මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් කිසිදු බාධාවකින් තොරව විශාල වශයෙන් මත්කුඩු ජාවාරමේ යෙදෙන අතර, එකී ¥ෂිත නිලධාරීන් කොටු කරගැනීම සඳහා රහස් මෙහෙයුමක් දියත් කිරීමට මේ වන විට රජයේ අවධානය යොමුවී තිබේ.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles