Divaina - කෝටි 2 1/2 ලොතරැයි දිනුම් හිමියා සති දෙකකට පසු කුඩු ගහද්දී අල්ලයි... ලොතරැයි දිනුමෙන් පසු මිතුරන් මත්කුඩු පානයට හා ජාවාරමට හුරු කරලා!

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

 සමන්තී වීරසේකර
 
 ලොතරැුයි දිනුමකින් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් හිමිකරගත් පුද්ගලයකු මත්කුඩු පානයට හුරු කොට පසුව මත්කුඩු ජාවාරමට හුරු කර ගත් පුවතක් කටුගස්තොට පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා වේ. මෙයට දෙසතියකට පෙර ලොතරැුයි දිනුමකින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් හිමිකර ගත් පුද්ගලයකු හෙරොයින් පානය කරමින් සිටියදී කටුගස්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 21 දා අත්අඩංගුවට ගෙන තිබේ.
 
 අතිවිශාල මුදලක් ලොතරැුයි දිනුම ලෙස හිමි වීමෙන් පසු එම පුද්ගලයාගේ මිතුරන් පිරිසක් විසින් ඔහු මත්කුඩු පානයට හුරු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
 
 ලොතරැුයි දිනුම හිමි වූ පුද්ගලයා සමග මත්කුඩු පානය කරමින් සිටි ඔහුගේ මිතුරන් දෙදෙනකුද, හෙරොයින් මත්කුඩු මිලි ග‍්‍රෑම් එක්දහස් හාරසියයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
 මහනුවර නගර සභාවේ කම්කරුවකු ලෙස සේවය කරමින් සිට ඇති ලොතරැුයි දිනුම ලද පුද්ගලයා දෙදරු පියකු වන අතර, ඔහු සතුව තිබී හෙරොයින් මිලි ග‍්‍රෑම් එක්දහස් හයසියයක් පොලිසිය සොයාගෙන තිබේ.
 
 රුපියල් දෙකෝටි අනූලක්ෂයක දිනුමක් මෙම පුද්ගලයාට හිමිව තිබෙන බවත්, ඉන් ජනාධිපති අරමුදලට ලක්ෂ හතළිහක් බැර කිරීමෙන් අනතුරුව ඔහු අතට ලක්ෂ දෙසිය පනහක මුදලක් ලොතරැුයි මණ්ඩලය මගින් ලබාදී තිබෙන බවත් පොලිසිය පවසයි.
 
 සැකකරුවන් මහනුවර මහෙස්ත‍්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.එස්. උවින්දසිරි මහතාගේ උපදෙස් මත ¥ෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles