Divaina - රථවාහන පාලනයට මිලිටරි පොලිසිය යෙදවීම පොලිස් පනතට එරෙහිව යෑමක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

අකිත පෙරේරා
 
 රථවාහන පදවන සිවිල් ජනතාව පාලනය කිරීමට මිලිටරි පොලිසියට කිසිදු නීතිමය හැකියාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
 
 රථවාහන පාලනයට මිලිටරි පොලිසිය යෙදවීම පොලිස් පනතට එරෙහිව යෑමක් බවද විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (25දා* පැවති මාධ්‍ය හමුවකදී මන්තී‍්‍රවරයා කීය. හෙතෙම එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
 
 ”දැන් මිලිටරි පොලිසිය රථවාහන හැසිරවීම සඳහා යොදවලා. නමුත් මේ සඳහා මිලිටරි පොලිසිය යොදා  ගැනීමට කිසිම නීතිමය හැකියාවක් නෑ. මිලිටරි පොලිසියට කිසිම අයිතියක් නෑ කිසිම අත්අඩංගුවට ගැනීමක් කරන්න හෝ නීතිය කි‍්‍රයාත්මක කරන්න. මෙම තත්ත්වය නීති විරෝධීයි. මිලිටරි පොලිසියත්, පොලිසියක් වුණාට ඒ පොලිසියයි, මිලිටරි පොලිසියයි වෙනස්. මිලිටරි පොලිසියේ සේවා පථය වෙලා තිබෙන්නේ යුද හමුදා පනත අනුව ඔවුන්ගේ විෂය පථයට අදාළ නිලධාරීන් ගැන කි‍්‍රයා කිරීම පමණයි.
 
 පාරේ රථවාහන පදවන සිවිල් ජනතාව පාලනය කරන්න මිලිටරි පොලිසියට හැකියාවක් නෑ. එහෙම යටත්වීමක් කරන්නත් බෑ. ජනාධිපතිවරයාට මේ රට මිලිටරි පොලිසියට භාර දෙන්න ඕනෑ නම් යුද හමුදා නීතිය සහ පොලිස් නීතිය සංශෝධනය කරන්න ඕනෑ. ඒ සඳහා පාර්ලිමේන්තු පනතක් අවශ්‍යයි. එහි නීතිමය තත්ත්වය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
 
 ජනාධිපතිට උඩින් මේ රටේ නීතිය තියෙන්නේ. ජනාධිපතිට තියෙන්නේ මේ රටේ විධායක බලතල කි‍්‍රයාත්මක කිරීමයි. ඒ බලය ඔහු කි‍්‍රයාත්මක කළ යුත්තේ රටේ නීතියට අනුවයි. යුද හමුදා පනතට හෝ පොලිස් පනතට එරෙහිව යන්න ජනාධිපතිට බෑ.
 
 මෙවැනි තීරණ ගන්න කලින් හොඳට හොයලා බලන්න කියලා අපි කියනවා. පොලිසියට කරන්න පුළුවන් දේවල් වෙන අයට භාර දෙන්න බෑ. සිවිල් කටයුතු පිළිබඳව පුහුණුව තිබෙන්නේ පොලිසියටයි. රථවාහන වැරදි ගැන විශේෂඥ දැනුම තිබෙන්නේ පොලිසියටයි. මේ විදිහට ටිකෙන් ටික හමුදාව එයි. නඩු අහන්නත් හමුදාව එයි. මිනීමැරිම් ගැන හොයන්නත් හමුදාව එයි. තමන්ගේ වැඩ බැරිකම හමුදාව යොදවලා වහගන්න බලනවා.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles