Divaina - ප‍්‍රවේශමෙන් - අන්තර්ජාල මුදල් වංචා වැඩි වෙලා - ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක‍්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා වැඩි වී ඇතැයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ලැබී ඇති බවද මේ නිසා අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප‍්‍රවේශම් වන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින බවද එම සංගමය කියයි.

මෙවැනි වංචා වැඩිවීමක් මෑතකදී තම සංගමයට නිරීක්ෂණය වී ඇති අතර, වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපැයීම් වැනි ක‍්‍රම හරහා සමාජ මාධ්‍ය අඩවි තුළ සිදුවන බව අනාවරණය වී ඇතැයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන එම සංගමය මෙසේ ද කියයි.

මෙම මූල්‍ය වංචා මෙහෙයවන්නන් බොහෝමයක් තම බැංකු ගිණුමට හෝ වෙනත් විද්‍යුත් මුදල් ක‍්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මුදල් ලබාගෙන ඔවුන් විසින් පොරොන්දු වූ අදාළ සේවාව ලබාදීමට කටයුතු කරනු නොලබති. තවද සමාජ මාධ්‍ය පිටු මගින් පරිශීලකයන්ට සපයන පහසු ණය යෝජනා ක‍්‍රම හරහා පරිශීලකයන්ගේ බැංකු දත්ත වක‍්‍රාකාරයෙන් ලබාගැනීමට කටයුතු කරන බවක්ද අප සංගමයට නිරීක්ෂණය වී ඇත.

සමාජ මාධ්‍ය අඩවි සහ අන්තර්ජාලය හරහා ඉහත සඳහන් සේවා දෙකෙන් එක් සේවාවක් ලබාගැනීමට සමාජ මාධ්‍ය පරිශීලකයන් අදහස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලබාදී කටයුතු කරන ලෙස අප ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ‍්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු. තවද පහසු ණය යෝජනා ක‍්‍රම යටතේ ඔබ යම් ණයක් ලබාගැනීමට කටයුතු කරන්නේ නම් ඔබගේ බැංකු පරිශීලක නාම (ඹිැර භ්පැ) සහ මුරපද (ඡු්ිිඅදරා) එම ණය මුදල ලබාදීමට කටයුතු කරන පිරිස් වෙත කුමන හේතුවකට හෝ ලබාදීමට යාමෙන් වළකින ලෙස අප සංගමය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles