Divaina - නිලධාරිවාදය අධික රෙගුලාසි ඉවත් කර ආයෝජන ප‍්‍රවර්ධනයට ඉඩ දෙන්න - ජනපති නීතිඥ ප‍්‍රජාවගෙන් ඉල්ලයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p1 5අනවශ්‍ය නිලධාරිවාදය සහ අධික රෙගුලාසි ඉවත්කර දේශීය ව්‍යවසායකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථා පුළුල් කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
 
 එමගින් ව්‍යාපාරවලට පහසුකම් සැලසිය හැකි සරල කාර්යක්‍ෂම හා විධිමත් ව්‍යුහයක් නිර්මාණය වනු ඇත.
 
 ඒ සඳහා පුළුල් සහයක් ලබාදීමට නීතිඥ ක්‍ෂේත‍්‍රයට හැකියාව ඇතැයි පසුගියදා මීගමුවේ පැවති ජාතික නීති සම්මේලනය 2020 අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
 ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සම්මන්ත‍්‍රණයේ මෙවර තේමාව වූයේ ‘ශී‍්‍ර ලංකාව, මූල්‍ය සහ වාණිජ කේන්ද්‍රය: දැක්ම, අභියෝග සහ ඉඩ ප‍්‍රස්ථා’ යන්නයි.
 
 පුළුල් ක්‍ෂේත‍්‍ර රැුසක් ඔස්සේ, වේගයෙන් දියුණුවන තාක්‍ෂණික ක‍්‍රමවේද ගෝලීය වාණිජ සහ කර්මාන්තවල විශාල පරිවර්තනයක් ඇති කරමින් තිබේ. එම පරිවර්තනය සමග ශී‍්‍ර ලංකාවද ඉදිරියට ගමන් කළයුතු යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා නව වෙනස්කම් මගින් ලබාදෙන අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීමට උත්සුක විය යුතු බවද හෙතෙම පැවසීය.
 
 වේගවත් තාක්‍ෂණික විපර්යාසය සමග ලොව වඩාත් වැදගත් වෙළෙඳ පොළ වශයෙන් ආසියාව කේන්ද්‍රගත වී තිබේ. ආසියාවේ නැඟී සිටීම අප රටේ ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීමට ද උපරිම වශයෙන් ඉවහල් කර ගත යුතුය. ඒ සඳහා කෙටි, මධ්‍ය සහ දිගුකාලීන වශයෙන් ක‍්‍රමවේද සකසා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයාද මේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට තම රජය කැපවන බවද කියා සිටියේය.
 
 තොරතුරු තාක්‍ෂණ අංශයේ සමාගම්වලට සැලකියයුතු බදු සහන මේ වන විටත් ලබාදී තිබේ. ක්‍ෂේත‍්‍රයේ ආයෝජනයට සහ වැඩි රැුකියා අවස්ථා නිර්මාණයට දේශීය සහ විදේශීය සමාගම් දිරි ගැන්වීමට රජය කි‍්‍රයාකරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාතික සංවර්ධනය වේගවත් කිරීමට සහ ආර්ථිකයේ පූර්ණ ශක්‍යතාවට අවශ්‍ය සංශෝධන කිරීමට රජය අදහස් කරයි. ව්‍යාපාරික රෙගුලාසි පද්ධතිය වැඩිදියුණු කිරීමද අත්‍යවශ්‍ය වේ. එමගින් ව්‍යාපාර කිරීමේ පහසුව සැලසෙන අතර අක‍්‍රමිකතා හා අයථා භාවිතය වළක්වා ගැනීමට පිළිවන.
 
 රට තුළ යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලියේදී කාර්යක්‍ෂමතාව සහ නීතියේ පිහිට පැතීමේදී දැරිය හැකි මිල පිළිබඳව සැලකිල්ලට ගත යුතු කාලය එළැඹ තිබේ. රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ආරවුල් කඩිනමින් පහසුවෙන් සහ දැරිය හැකි මිලකට විසඳා ගැනීමට අවස්ථාව තිබිය යුතුය.
 
 යුක්තිය පසිඳලීම ප‍්‍රමාදවීම යුක්තිය ප‍්‍රතික්‍ෂේප වීමක් ලෙස සැලකේ. එය යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලිය සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්වයන් කලකිරීමට පත් කරයි. එබැවින් ශී‍්‍ර ලංකාවේ නීති පද්ධතිය ලෝකයේ වඩා හොඳ ස්ථානයකට පත් කිරීමට අධිකරණයට රජය සහ නීති ක්‍ෂේත‍්‍රය එක්ව පූර්ණ විසඳුමක් ඉදිරිපත් කිරීමට කාලය එළැඹ ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.
 
 විධායකය හෝ ව්‍යවස්ථාදායකය හෝ නීතිමය කි‍්‍රයාවලියට සහ අධිකරණයට මැදිහත් වුවහොත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානිකරය. ඒ හා සමානව විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ කි‍්‍රයාකාරිත්වයට අධිකරණය අනවශ්‍ය ලෙස මැදිහත් නොවීම ද වැදගත්ය. විධායකය සහ ව්‍යවස්ථාදායකය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියක් ඔස්සේ ජනතාව විසින් තෝරාපත් කර ගැනේ. විශේෂයෙන් විධායකයකට ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ජනවරමක් ඇත. එබැවින් ජනතාවගේ යහ පැවැත්ම සහ සමෘද්ධිය වෙනුවෙන් විධායකය ගනු ලබන සංවර්ධන ප‍්‍රයත්නයන් සඳහා අධිකරණය බාධා නොකිරීම වැදගත් බද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
 සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට රජය ගෙන යන කි‍්‍රයාවලියට නීති ප‍්‍රජාවේ සාමාජිකයන්ගෙන් පූර්ණ සහාය අපේක්‍ෂා කරන බවද ජනාධිපති රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
 
 ‘ජාතික නීති සම්මේලනය’ 2020 ප‍්‍රකාශය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
 
 කථානායක කරු ජයසූරිය, අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු අධිකරණ අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්‍ෂ, මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරු, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරු සහ නීතිඥ සංගමයේ සභාපති කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු සාමාජිකයෝ මීට එක්ව සිටියහ.
  

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles