Divaina - නාවික හමුදාව මාදගල් මුහුදෙන් කෝටි 10ක රත‍්‍රං සොයාගනී

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

යාපනයේ මාදගල් මුහුදු තීරය හරහා නීති විරෝධී ලෙස ප‍්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 10ක් පමණ වටිනා රත‍්‍රං තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනකු නාවික හමුදාව විසින් 15දා අත්අඩංගුවට ගෙන තිබේ.

මාදගල් මුහුදු ප‍්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩිංගි යාත‍්‍රාවක් මඟින් සැකසහිත ධීවර යාත‍්‍රාවක් නිරීක්ෂණය කර එය වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ අදාළ සැකසහිත ඩිංගි යාත‍්‍රාව අණ නොතකා යාත‍්‍රා කර තිබේ.

නාවික හමුදා යාත‍්‍රාව මඟින් එම සැකසහිත යාත‍්‍රාව පසුපස හඹා ගොස් එම යාත‍්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනකු නාවික හමුදා භාරයට ගෙන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කොට යාත‍්‍රාව පරීක්ෂා කිරීමේදී මේ නීති විරෝධී රත්තරන් තොගය හමු වී තිබේ.

එලෙස සොයා ගන්නා ලද පාර්සලය තුළ රත‍්‍රං කිලෝ 14 යි ග‍්‍රෑම් 35 ක ප‍්‍රමාණයක් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 10 කට ආසන්න වෙතැයි ගණන් බලා ඇත.

නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් 27 වැනි වියෙහි පසුවන එම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් බව තහවුරු කරගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් රත‍්‍රං කිලෝ 14 යි ග‍්‍රෑම් 35 ක ප‍්‍රමාණය, සැකකරුවන් දෙදෙනා සහ ඩිංගි යාත‍්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles