Divaina - ඇමරිකාවට උත්තර දෙන්න මට අවශ්‍ය නෑ - යුද හමුදාපති කියයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

savendaraඇමරිකාව තමාට නඟන චෝදනා සඳහා ඔවුන්ට පිළිතුරු දෙන්න තමාට කිසිදු අදහසක් නැතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) ප‍්‍රකාශ කළේය.

ඇමරිකා ආණ්ඩුව යුද හමුදාපතිවරයාට ඇමරිකාවට පැමිණීම තහනම් කිරීම පිළිබඳව හමුදාපතිවරයාගෙන් අප කළ විමසීමකදී හෙතෙම එසේ පැවසීය.

පසුගිය ත‍්‍රස්තවාදී යුද සමයේ අවසාන භාගයේදී හමුදාපතිවරයා මානව හිමිකම් කඩකළ බවට චෝදනා නඟමින් ඇමරිකාව මෙම තහනම පනවා ඇත.

මේ අනුව හමුදාපතිවරයා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද මෙම තහනම කි‍්‍රයාත්මක කර ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

ඔය නඟන චෝදනාව පිළිබඳ සැබෑ තත්ත්වය සියලූ දෙනාම දන්නවා. ඇමරිකාවට මට පිළිතුරු දෙන්න අවශ්‍ය නැහැ. විදේශ අමාත්‍යාංශය මා වෙනුවෙන් නිසි ආකාරයට පිළිතුරු දෙයි.

උතුරේ යුද්ධය අවසන් කිරීම සඳහා වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එවකට සේනාධිපතිවරයෙකු ලෙසින් මහඟු සේවාවක් ඉටුකර තිබුණි. ඊට ති‍්‍රවිධ හමුදා අනුග‍්‍රහයන්ද ලැබී තිබිණි.

නෝමන් පිළිහවඩන
 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles