Divaina - යුද හමුදාපතිට පවුලේ අයට ඇමරිකාව තහනම්

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p1 3යුද හමුදාපති ලූතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනය මගින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරන්නේ පසුගිය යුද සමයේ 58 වන සේනාංකයට අණ දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා, මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ලූතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ‍්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලබන්නේ, 2019 අගෝස්තු 18 වැනිදායි. එම පත්කිරීම සම්බන්ධයෙන් තම රට දැඩි අවධානයෙන් පසුවන බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය එම පත්කිරීම සිදුකළ දිනයේම ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කර සිටියේය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අධිකරණමය ක‍්‍රියාදාමයකින් තොර මනුෂ්‍ය ඝාතන ආදී බරපතළ මානව හිමිකම් කඩකිරීම්වලට, එහි අණදෙන්නාගේ වගකීම හරහා ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඇති සම්බන්ධය පිළිබඳ විශ්වාසදායී තොරතුරු හේතුවෙන් විදේශ මෙහෙයුම් සහ ඒ අදාළ වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ජ) වගන්තිය ප‍්‍රකාරව අදාළ තහනම පනවන බවයි.

විදේශ නිලධාරින් බරපතළ මානව හිමිකම් කඩකිරීම් හෝ සැලකිය යුතු දූෂණවල යෙදී ඇතැයි යන්න ගැන විශ්වාසදායී තොරතුරු රාජ්‍ය ලේකම්වරයා සතු වනවිට එවැනි පුද්ගලයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට එක්සත් ජනපදයට ඇතුළු වීමට සුදුසුකම් නොලැබේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ඇමෙරිකානු නීති ප‍්‍රතිපාදනවලට අනුව එවැනි නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රාජ්‍ය ලේකම්වරයා විසින් ප‍්‍රසිද්ධියේ හෝ පුද්ගලිකව නම් කරනු ලබන බවයි.

බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සංවිධාන විසින් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ලේඛනගත කරන ලද චෝදනා බරපතළ මෙන්ම විශ්වාසදායී බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

චතුර පමුණුව

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles