Divaina - ඇන්ටාක්ටිකා උෂ්ණත්වය මුල් වරට සෙල්සියස් අංශක 20ට නගියි... අයිස් දිය වුණොත් මුහුද අඩි 10ක් උඩ එයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 ඒමන්ති මාරඹේ
 
 අධික ශීතල දේශගුණයක් පවතින අයිස් ග්ලැසියර්වලින් සමන්විත ඇන්ටාක්ටිකා අර්ධද්වීපයට අයත් සීමෝර් ¥පතේ උෂ්ණත්වය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සෙල්සියස් අංශක 20.75ක් දක්වා ඊයේ (14දා* දිනයේ ඉහළ ගොස් තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
 
 ඇන්ටාක්ටිකාවේ මේ සා ඉහළ උෂ්ණත්වයක් ඉතිහාසයේ මෙයට පෙර වාර්තා වී නොතිබුණු බව බ‍්‍රසීල ජාතික විද්‍යාඥයකු වන කාලෝස් ෂෙෆර් ප‍්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
 
 ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ උෂ්ණත්වය ඉකුත් සතියේ ද සෙල්සියස් අංශක 18.3 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
 
 එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කාලගුණ සංවිධානයට අනුව ගෝලීය උණුසුම වැඩි වීම හේතුවෙන් ඉකුත් වසර 50 ක කාලයේදී ඇන්ටාක්ටිකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් වර්ධනය වී තිබේ. එම කාලයේ දී ඇන්ටාක්ටිකාවේ බටහිර පෙදෙසෙහි පවතින ග්ලැසියර්වලින් සියයට 87 ක්ම දිය වීමේ තත්ත්වය සිදු වෙමින් පැවැති බවත් ඉකුත් වසර 12 ක කාලයේදී ගෝලීය උණුසුම නිසා මෙම ග්ලැසියර් දියවීමේ තත්ත්වය වැඩි වී ඇති බවත් එම සංවිධානය කියයි.
 
 ඉකුත් ජනවාරි මාසය ඇන්ටාක්ටිකාවේ අධික උෂ්ණත්වයක් පැවැති මාසය ලෙස හැඳින්වෙන අතර මේ අයුරින් අයිස් ග්ලැසියර් දියවීම සිදු වුණහොත් ඉදිරි ශත වර්ෂවලදී ජාත්‍යන්තර මුහුදු මට්ටම මීටර් 3 කින් එනම් අඩි 10 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles