Divaina - කොරෝනා හැදුණු 10608කට අසාධ්‍යයි... බෙහෙත් කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 1716 දෙනකුටත් කොරෝනා හැදිලා...!

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 ඒමන්ති මාරඹේ
 
 චීනය ඇතුළුව ලොව පුරා රටවල්වලින් දැනට වාර්තා වී ඇති කොරෝනා වෛරස් රෝගීන්ගෙන් දස දහස් හයසිය අටදෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මොවුන්ගෙන් බහුතරය චීන ජාතිකයන් වන අතර වැඩි දෙනා හුබෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වී තිබේ.
 
 ඉකුත් බ‍්‍රහස්පතින්දා (13 දා* දිනයේ දී චීනයේ නව කොරෝනා වෛරසයට 5090 දෙනකු අලූතින් ගොදුරු වී ඇති අතර මරණ 121 ක් සිදුව තිබේ.
 
 ඊයේ වන විට චීනය ද ඇතුළුව ලොව පුරා රටවල් 28 කින් කොරෝනා වෛරසයට ගොදුරුවූවන් වාර්තා වී තිබුණි. මෙතෙක් එම රටවලින් වාර්තා වී ඇති මුළු කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැටහතර දහස් හාරසිය පනස්හයකි. මරණ 1384 ක් වාර්තා වී තිබුණි. මින් බහුතරය චීනයෙන් වාර්තා වී තිබිණි. මෙතෙක් රෝග තත්ත්වය සුවවූ සංඛ්‍යාව 7101 කි.
 
 මේ අතර චීනය පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප‍්‍රතිකාර කළ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 1716 දෙනකු එම වෛරසය ආසාදිත වී සිටින බව ඊයේ ප‍්‍රථම වරට චීන බලධාරීන් විසින් අනාවරණය කර තිබුණි. මොවුන්ගෙන් 1102 දෙනකුම වූහාන් නගරයේ රෝහල්වල සේවා කරන අය බව ප‍්‍රකාශ වී තිබේ. මේ වන විට වෛරසයට ගොදුරුව මිය ගොස් ඇති එම කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිස 06 දෙනෙකි.
 
 කොවිඞ් - 19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති චීන කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාව විසින් චීන ජාතිකයන්ට පනවා ඇති සංචාරක තහනම නිසා ඔස්ටේ‍්‍රලියාවේ උසස් ඝනයේ විශ්වවිද්‍යාල 08 ක ඉගෙනුම ලබන චීන ජාතික ශිෂ්‍යයන් හැත්තෑ දහසකට පමණ එම විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන වාරයට සහභාගි වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. ඔස්ටේ‍්‍රලියාව චීන ජාතිකයන්ට පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් විශාල විදේශ විනිමයක් එරටට අහිමි වුවද කොරෝනා වෛරසය ඔස්ටේ‍්‍රලියාවේ පැතිරීම පාලනය කිරීම සඳහා මෙම තහනම පැනවීමට සිදු වූ බව බලධාරීන් ප‍්‍රකාශ කර තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles