Divaina - එංගලන්තයෙන් ගෙනා කසළ ප‍්‍රති අපනයනයට අතුරු තහනම ඉවත් කරන්න නීතිපති උසාවියෙන් ඉල්ලයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
 එංගලන්තයෙන් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහිත කැළිකසළ කොළඹ වරායෙන් හා කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයෙන් පිටතට ප‍්‍රවාහනය කිරීම වළක්වමින් අධිකරණය විසින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස නීතිපතිවරයා ඊයේ (13 දා* අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
 අධිකරණය විසින් පනවා ඇති එකී අතුරු තහනම් නියෝගය නිසා එකී කැළිකසළ නැවත එංගලන්තයට ප‍්‍රති අපනයනය කිරීමට ආරම්භ කොට ඇති සාකච්ඡුාවලට බාධාවක් වී ඇති බව පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට පෙන්වා දෙමින් එම ඉල්ලීම කළේය.
 
 අභියාචනාධිකරණයේ එකී නියෝගය බලාත්මකව තිබියදී එකී ප‍්‍රති අපනයනය කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට එංගලන්ත බලධාරීන් අකමැත්ත ප‍්‍රකාශ කර ඇති බවද මිලින්ද ගුණතිලක මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය. නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අභියාචනාධිකරණය විසින් පෙර නිකුත් කර ඇති එම අතුරු තහනම් නියෝගය ඉවත් කිරීම හා නොකිරීම සම්බන්ධයෙන් නියෝගය ලබන 4 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති ඒ. එච්. එම්. ඞී. නවාස්, අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල තීරණය කළහ.
 
 2017 වසරේදී විදේශ රටවලින් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇති අපද්‍රව්‍ය සහිත කැළිකසළ නිසා රටේ ජනතාවගේ මහජන සෞඛ්‍ය සංරක්‍ෂණයට හා පරිසරයට විශාල අගතියක් සිදුවී ඇති බව පෙන්වා දෙමින් පරිසර යුක්ති කේන්ද්‍රය හා පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා එම නඩුව පවරා තිබිණි.
 
 නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටියේය.

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles