Divaina - සජිත්ට විපක්‍ෂ නායකගේ වරප‍්‍රසාද නොගෙන ආදර්ශයක් දිය හැකියි - ජනපති වුණොත් මන්දිර යාන වාහන නොගන්නා බව කීවා

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

re10 1- රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන


ජනාධිපති ධුරයට පත්වුවහොත් මන්දිර, යාන වාහන, නිල නිවාස, වැටුප් ආදී වරප‍්‍රසාද නොගන්නා බව ජනාධිපතිවරණ වේදිකාවේ කියපු සජිත් පේ‍්‍රමදාස මහතා විපක්‍ෂ නායකවරයාට හිමි වරප‍්‍රසාද ලබානොගෙන දැන් ආදර්ශයක් ලබාදිය හැකි යයි බලශක්ති රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහා පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (20 දා* පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද කීය.

සිරිකොත විසින් නිර්මාණය කරපු රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා පිළිබඳව සජිත් පේ‍්‍රමදාස මැතිවරණ වේදිකාවේ කිව්වේ ඔහු හොරු අල්ලන්න දානවා කියලා. සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළාම ඔහුගේ ඇමැති මණ්ඩලයට පත්කරන දෙදෙනෙක් ගැන කිව්වා. ඔහු කියන විදියට හොරු අල්ලන්න නම් රන්ජන්ට දෙන්න සූදානම්වෙන්න ඇත්තේ හොරු ඇල්ලීමට නම් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය වෙන්න ඇති. මේ කියන විදියට සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති වුණානම් රටට දෙවියන්ගෙම පිහිටයි. වැරදිලාවත් එහෙම වුණානම් මේ හඬ පට එළියට එන්නෙත් නෑ. මේ හඬ පට උපයෝගී කරගෙන රන්ජන් රාමනායක භාවිතා කරගෙන තවත් විදියකට දේශපාලන විරුද්ධවාදීන් සියලූ දෙනා හිරගෙදර. නැතිනම් එල්ලූම් ගහට නියමවෙලා.

මේ හඬ පටවලින් අද එජාපයේ නිරුවත එළියට ඇවිත් තියෙනවා. යහපාලන ආණ්ඩුව කාලයේ කතිකාවක් ඇති වුණා මත්කුඩු භාවිතය මිනී මැරුම් වැඩියි ඒ නිසා වහාම එල්ලූම්ගහ ගේන්න ඕන කියලා. එදා එල්ලූම්ගහ ගෙනත් දුමින්ද සිල්වා හිටපු මන්තී‍්‍රවරයා එල්ලූම්ගහට යවා ඔහුගේ ජීවිතය නැති කළානම් කවුද වග කියන්නේ.

පසුගිය යහපාලන ආණ්ඩුව කරපු මේ කි‍්‍රයාවලිය නිසා අධිකරණය පිළිබඳව ජනතාව තුළ තිබූ විශ්වාසය බිඳෙනවා. ඒ නිසා අපි අගවිනිසුරුතුමන්ගෙන් ඉල්ලන්නේ දීර්ඝකාලීන විසඳුමකට පෙර මේ පිළිබඳව ඉතා ඉක්මනින් මැදිහත් වෙන්න කියලා.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයාගේ හඬ පටවලින් කියවෙන විනිසුරුවරිය සීඅයිඞී හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, අල්ලස් හා ¥ෂණ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය දිල්රුක්‍ෂි ඩයස් යන අයගෙන් අද වනතුරු මේ පිළිබඳව කටඋත්තරයක්වත් ලබාගෙන නැහැ. ඒ නිසා මේ පිළිබඳව ඉතා ඉක්මනින් කි‍්‍රයාත්මක වන ලෙස පොලිස්පතිවරයාගෙනුත් ඉල්ලා සිටිනවා. මේ අය නිදැල්ලේ ඉන්න තරමට ඒ අයගෙන් එන්න තිබෙන කරුණු කාරණා වසන්වන තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ අයට විරුද්ධවත් නීතිය කි‍්‍රයාත්මක විය යුතුයි.

මේක කල්මැරිය නොහැකියි. මේ තිදෙනා පිළිබඳව ගන්නා කි‍්‍රයා මාර්ගය පිළිබඳව ජනතාව බලා සිටිනවා. ගමේ පොල් ගෙඩියක් අහුලාගත් මිනිසාට නීතිය කි‍්‍රයාත්මක වන ආකාරයට මේ අයටත් නීතිය කි‍්‍රයාත්මක විය යුතුයි. හිරුණිකාගේ තවත් හඬ පට ගොඩක් තියෙනවා.

තමා ජනාධිපති ධුරයට පත් වුණොත් මන්දිර, යාන වාහන, නිල නිවාස, වැටුප් නොගන්නා බව කියපු සජිත් පේ‍්‍රමදාස විපක්‍ෂ නායකවරයාට අපි අද යෝජනා කරනවා පුළුවන්නම් විපක්‍ෂ නායකවරයෙකුට හිමි වරප‍්‍රසාද ලබා නොගෙන ආදර්ශයක් ලබාදෙන ලෙසට. ගෝඨාභය රාජපක්‍ෂ මහතා එදා මැතිවරණ වේදිකාවේ මේවා කිව්වේ නැතත් එතුමාගේ වරප‍්‍රසාද සියල්ල ප‍්‍රතික්‍ෂේප කරලා ආදර්ශයක් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා විදේශ ගමනක් යන්නත් ගුවන් ටිකට්පත ගන්නේ පෞද්ගලිකවයි.

සජිත් පේ‍්‍රමදාස විපක්‍ෂ නායකවරයා කියනවා එදා ඔවුන්ගේ ආණ්ඩුව ගෙනා එම්සීසී ගිවිසුම සිංගප්පූරු ගිවිසුම, ඉරාදමන්න එතුමා අවශ්‍ය සහාය දෙනවා කියලා. එදා මේ සියල්ලම වෙනකම් යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙක් හැටියට මේ සියලූ ගිවිසුම් ඇති කරගන්නා තෙක් නිහඬව සිටියා. ඒ පිළිබඳව කැබිනට් තීරණ ගැනීමට අත ඉස්සුවා. මේවාට විරුද්ධව එක වචනයක් කතා නොකරපු සජිත් අද කියනවා ඔවුන් කරපු පාපකර්ම අපට නිවැරදි කරන්න කියලා.

ජයග‍්‍රහණය ලැබුවම වීරයෝ වගේ එළියට ආපු අයට පරාජයට පත් වුණාම එළියට එන්න කොන්දක් නෑ. ඊට හේතුව කරපු වංචා ¥ෂණවලට බයේ.

දුමින්ද සිල්වා මහතාට සිදුවී ඇති අසාධාරණය සාධාරණය කිරීමට රජයක් වශයෙන් කටයුතු කරනවා. පැවැති රජයේ ඇමැතිවරු අසවලාව අද අත්අඩංගුවට ගන්නවා කියනවා ඇප නැහැ කියනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඞී. වී. චානක මහතා-

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව ඉන්නේ සතුටින්. එජාපය එදා බැහැයි කියපු සියල්ලම අද අපේ ආණ්ඩුව කරගෙන යනවා. යහපාලන ආණ්ඩුවේ මේ බැරිකම ගෙදර යන්න පදනම් වූ ප‍්‍රධානම හේතුවයි. ඒ වගේම ඔවුන් කිව්වා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වුවහොත් රටේ ආර්ථිකය විනාශවෙනවා. රටට සම්බාධක පැනවෙනවා ජීඑස්පී ප්ලස් සහනය නැතිවෙලා යනවා කියලා. නමුත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වුණා විතරයි ජීඑස්පී ප්ලස් සහනය අවුරුද්දකටම නොවෙයි අවුරුදු තුනකටම ලබාදීලා. ලෝකයේ ඉන්න රාජ්‍ය නායකයෝ ලංකාවට සහයෝගය පළ කරනවා. ලංකාවට ආයෝජන ගේන්න සූදානම් වෙලා ඉන්නවා. එවැනි තත්ත්වයකට රට පත්ව තිබියදී හිටපු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කරනවා බදු අඩු කිරීම තුළින් බිලියන 600 ක පාඩුවක් රටට වුණා කියලා. ඔහුට පේනවා ආණ්ඩුවට බිලියන 600 ක පාඩුවක් වුණා කියලා. නමුත් ඔහුට පේන්නේ නෑ බදු සහන නිසා ජනතාවට බිලියන 600 ක ලාභයක් වුණා කියලා. ජනතාවට ලැබුණු සහනය ඔහුට පේන්නේ නෑ. පැවැති ආණ්ඩුව ජනතාවගෙන් බදු අය කරමින් ඔවුන්ගේ පහසුකම් වැඩිකර ගැනීමයි කළේ. නමුත් මේ ආණ්ඩුව කරන්නේ ජනතාවට සහන සැලසීමයි.

අපි බදු අඩු කරලා පෙන්නුව වගේ ඉදිරියටත් ජනතාවට තවත් සහන ලබා දෙනවා. එදා 2014 දී අපි ජනතාවගෙන් බදු ගන්නේ බිලියන 1 යි. නමුත් එජාප ආණ්ඩුව ආපු ගමන් එය ටි‍්‍රලියන 2 ක් දක්වා වැඩි කළා. ඒ ටි‍්‍රලියන දෙකෙන් තමයි අපි බිලියන 600 ක් අඩු කළේ.

වතු කම්කරුවන්ට රුපියල් 1000 ක් දෙන්නේ කොහොමද අහනවා. අපි මාර්තු 1 වැනිදා වන විට අනිවාර්යයෙන්ම එය ලබා දෙනවා. 1500 ක් දෙනවා කියපු අය 1000 ක් දෙන්නේ කොහොමද අහනවා. එහෙනම් ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ 1500 ක් දෙනවා කිව්වේ බොරුවක්ද? අපි 1000 ක් දෙන විට ඒවාට විරුද්ධ වෙනවා. මේ වගේ කුහක දේශපාලනයක් ගෙනයන්න එපා කියලා එජාප මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලනවා.

ජනතාවගේ බදු අඩුකරන විට, වතුකම්කරුවන්ට 1000 ක් දෙන විට ඒවාට සතුටු විය යුතුයි. නැතුව බොරුවට විවේචන කරන්න එපා. හර්ෂ ද සිල්වා මන්තී‍්‍රවරයාට ආර්ථිකය ගැන කතා කරන්න ලැජ්ජාවක් නැද්ද? 2014 දී අපි භාර දුන්නේ දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක්. එහෙම රට ආර්ථික සංවර්ධනය අතින් ඉතියෝපියාව හිටපු තැනට ගෙනවා. එහෙම කරපු අය අද ආර්ථිකයක් ගැන කතා කිරීම විහිළුවක්.

එදා දිගින් දිගට රටට අහිතකර ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹුණු ආණ්ඩුවක් තමයි යහපාලන ආණ්ඩුව. එදා මේ රටට අහිතකර හැම ගිවිසුමකටම අත්සන් කරන වෙලාවේ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයෙක් වගේම එජාපයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා හිටියා. එදා ඒවාට විරුද්ධව වචනයක් කතා නොකරපු ඔහු අද මේ ගිවිසුම් ඉරන්න කතා කරනවා.

ජාත්‍යන්තරයත් සමග අත්සන් කරපු ගිවිසුම් ඉරුවට  ගිවිසුම අවලංගු වෙනවද? කරන්න බෑ. එහෙම ගිවිසුම් ඉරලා ඩොලර් කෝටි ගණනක් ගෙවන්න වෙනවා.

අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ ඉඳලත් සජිත් පේ‍්‍රමදාස මහතා ජාත්‍යන්තර ගිවිසුම් අවලංගු කරන ආකාරය නොදන්නවා නම් එදා සජිත්ට සාමාන්‍ය පෙළවත් නෑ කියලා රවි කරුණානායක මහතා කියපු කතාව ඇත්තක් කියා පිළිගන්න වෙනවා. එවැනි නායකයෝ තමයි අගමැති වෙන්න උත්සාහ කරන්නේ.

එදා මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක් කරද්දී, හම්බන්තොට වරාය චීනයට දෙද්දී සජිත්ගේ කශේරුකාව කොහේද තිබුණේ. විපක්‍ෂයට එන විට කෙළින් වෙන කශේරුකාව ආණ්ඩුවේ සිටිද්දී නැමිලද තිබුණේ.

අනුර බාලසූරිය

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles