පස් හා වැලි ප්‍රවාහනය කිරීම සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මගින් අහෝසි කිරීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය පසුගිය 17 වැනිදා අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.
පරිසර හා වනජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පසුගිය දෙසැම්බර් මස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් එකී බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇතැයි සිය පෙත්සම මගින් පෙන්වා දී තිබූ පරිසර යුක්ති කේන්ද්‍රය එමගින් පස් හා වැලි කැණීම් ශීඝ්‍රයෙන් වැඩිවී ඇති බවද අධිකරණයට පෙන්වාදී තිබිණි.
1992 අංක 33 දරණ පරිසර පනත ප්‍රකාරව පස් හා වැලි ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්යව තිබියදී පනතේ වගන්ති උල්ලංඝනය කරමින් සිදුකළ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම නිසා පස් හා වැලි කැණීම් උග්‍ර වී නායයෑම් පාංශු ඛාදනය, ගං ඉවුරු ඛාදනය හා පුළුල්වීම් මුහුදු ජලය ඇළ මාර්ග ඔස්සේ ගලා ඒම යනාදී පාරිසරික ගැටලූ වැඩිවී ඇති බව ද පරිසර යුක්ති කේන්ද්‍රය එමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් සියලූ දෙනා ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, පොලිස්පති හා නීතිපතිවරයා නම් කොට ඇත.
කැබිනට් මණ්ඩලය ගෙන ඇති එකී තීරණය නීති විරෝධී බවට තීන්දු කර බලපත්‍ර නොමැතිව සිදු කරන ප්‍රවාහනය කිරීම් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නියෝගයක් කරන ලෙසටද පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක