දහ නව වැනි සංශෝධනය හා ස්වාධීන කොමිෂන් පනත අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බැවින් එම තත්ත්වය පරාජය කිරීමට එක්වන ලෙස සියලූ ප්රගතිශීලී බලවේගවලට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනය මෙසේය,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ඔස්සේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කොට, ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීමට අපට හැකිවිණි. නමුත් වත්මන් රජය පිඹුරුපත් සකසමින් සිටින්නේ 19 වැනි සංශෝධනය හා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරලීමටය.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ නිදහස්, සාමකාමී හා ප්රජාතන්ත්රවාදී පරිසරය වෙනුවට යළිත් ඒකාධිපති පවුල් බලය ස්ථාපිත කරලීමටය. මෙය රටේ ජනතාව ඉතා අසීරුවෙන් දිනාගත් ප්රජාතන්ත්රවාදී අගයයන් ගණනාවක් යළි අවුරාලීමකි.
ප්රජාතන්ත්රවාදය අතුගා දැමීමේ රජයේ වෑයම වළක්වා, දිනා ගත් නිදහස ආරක්ෂා කර ගැනීම මේ රටේ ජනහිතවාදී ප්‍රජාවගේ යුතුකමකි. එහෙයින් මේ භයානක අනතුරෙන් රට ආරක්ෂා කර ගැනීමට එක්වන මෙන් අපි සියලූ ප්රගතිශීලී බලවේගයන්ට ආරාධනා කරමු.
- Hits: 366