විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන් අද (21 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවට කැඳවා ඇත.
ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායකවරයා විසින් මෙසේ සංවිධායකයන් කැඳවා තිබේ.
ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවත්, ආසන සංවිධායකයන් සහ මන්තී‍්‍රවරුන් මෙම අවස්ථාවට සහභාගි වනු ඇතැයි පැවසේ.
මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල දැනුම්දීමක් නොවන බවත් එම කැඳවීමට විරුද්ධවීමට පක්ෂය කටයුතු නොකරන බවත් එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
අකිත පෙරේරා