ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා (23 දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දස දෙනකු සිටින අතර අගමැති සහ විපක්ෂ නායක එහි සෙසු ප්‍රධාන සාමාජිකයෝ ලෙස කටයුතු කරති.
එදින පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී ජනාධිපති කාර්යාලය මඟින් නිර්දේශ කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සහ මූල්‍ය කොමිසමේ සාමාජිකයකු සම්බන්ධව ද සාකච්ඡුාවට ගැනීමට නියමිතය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයන් පත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටය.
ලසිත දුමින්ද