Divaina - පාස්කු දා ප‍්‍රහාරය මෛත‍්‍රී හා රනිල් වෙනුවෙන් නීතිපති පෙනී සිටින්නේ නෑ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 1- අතිරේක සොලිසිටර් ජනරාල් විනිසුරු මඩුල්ලට දන්වයි

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ප‍්‍රහාර වළක්වා නොගැනීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය ඊයේ (20 දා) අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නාය. 04 - පිටුවට

එම වගඋත්තරකරුවන් දෙදෙනා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරුන් නඩු විභාගය සඳහා ඉදිරිපත් කරනු ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට නිසි පියවර නොගත් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝගයක් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සම්බන්ධයෙන් විභාගය ඊයේ (20 දා) ආරම්භ කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එලෙස ප‍්‍රකාශ කළාය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ, එල්. ටී. බී. දෙහිදෙණිය, ප‍්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප‍්‍රනාන්දු සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පෙත්සම් කැඳවිණි.

එකී මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මෛත‍්‍රිපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් ලිඛිත විරෝධතා ගොනු කිරීමට ලබන මාර්තු 6 වැනිදා දක්වා ඔවුන්ගේ නීතිඥවරුන්ට කල් ලබාදීමට ද විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළහ.

එම පෙත්සම් විභාගය ලබන මැයි 12, 13 සහ 14 යන දිනවල යළි පැවැත්වීමට ද විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles