Divaina - බොහෝ ප‍්‍රධානීන් වැටුප් රහිත ගරු සේවයක් කරන අයයි - රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ට නිලධාරීන් උපරිම සහය දෙන්න - ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය




රාජ්‍ය සේවය ජාල ගත කරන්න

නිපුණතා සංචිතයක් හදන්න

පොදු මාරු ප‍්‍රතිපත්තියක් සකසන්න




gota111රාජ්‍ය ආයතන රැුසකට පත්කර ඇති ප‍්‍රධානීන් බොහෝ දෙනෙක් වැටුප් රහිතව රට වෙනුවෙන් සේවයට කැපවී සිටින බැවින් ඔවුනට රාජ්‍ය නිලධාරීන් උපරිම සහාය ලබාදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඉකුත් 17 දා ජනාධිපති කාර්යාලයේදී අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්‍ෂණ බලධාරීන් සමග පැවැති සාකච්ඡුාවේදීය.
රාජ්‍ය යාන්ත‍්‍රණයේ පවතින අකාර්යක්‍ෂමතාව, ප‍්‍රමාදය සහ ¥ෂණය පිටුදැකීම අරමුණු කර ගනිමින් සියලූම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

සේවාලාභියා, සේවා සපයන්නා ළඟට යනවා වෙනුවට අන්තර් ජාලය මගින් අදාළ සේවා සහ අනුමැතීන් සපයන ක‍්‍රමවේදයක් කඩිනමින් සකසන්නැයි ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්‍ෂණ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව සියලූ රාජ්‍ය ආයතන සතු දත්ත ශී‍්‍ර ලංකා තොරතුරු හා සංනිවේදන තාක්‍ෂණ ආයතනයේ පූර්ණ මැදිහත් වීමෙන් එක්රැුස් කෙරේ. ජනතාවට වඩාත් සමීප සියලූම රාජ්‍ය ආයතනවලට ප‍්‍රමුඛතාව දෙමින් ජාලගත කිරීම සිදුවේ.

නව ක‍්‍රමවේදය මගින් තාක්‍ෂණය සහ අන්තර් ජාලය භාවිතයෙන් හැඳුනුම්පත්, රියැදුරු හා ගුවන් ගමන් බලපත‍්‍ර, උප්පැන්න, විවාහ හා මරණ සහතික ලියාපදිංචි කිරීම සහ රජයේ ඉඩම් ඔප්පු ඇතුළු ක්‍ෂේත‍්‍ර රැුසක සේවා කඩිනමින් ඉටුකර ගැනීමට හැකිය.

දත්ත එක් පද්ධතියකට ගැනීමෙන් කාලය අවම කර අකාර්යක්‍ෂමතාව සහ ¥ෂණය වළක්වා ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. බදු අය කිරීමේ සිට විශ‍්‍රාම වැටුප දක්වා වූ ක්‍ෂේත‍්‍ර රැුසක කි‍්‍රයාකාරකම් ස්වයංකී‍්‍රයකරණයෙන් :්මඑදප්එසදබ* ඉටුකර ගැනීමට අවකාශය සැලසීම මෙහි මූලික අපේක්‍ෂාවයි.

දත්ත එක් රැුස්ව තිබීමෙන් රටකට බලපාන ප‍්‍රධාන තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි විශ්ලේෂණයක් කළ හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සාමාන්‍ය ජනතාව සිය අවශ්‍යතා ඉටුකර ගැනීමේදී රාජ්‍ය ආයතනවල සිදුවන ප‍්‍රමාදය සම්පූර්ණයෙන් වළකා ගැනීමට ද මින් හැකිවේ. 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ ජනතාවට තොරතුරු සන්නිවේදනය යළි සකී‍්‍රය කිරීම කෙරෙහිද අවධානය යොමු කෙරිණි. රටේ වේගවත් අභිවෘද්ධියක් වෙනුවෙන් ආයතන රැුසක ප‍්‍රධානීන් ලෙස විෂයානුබද්ධ විද්වතුන් පත්කර ඇත. ඔවුහු බොහෝ දෙනෙක් වැටුප් රහිතව රට වෙනුවෙන් සේවයට කැපවී සිටිති. ඔවුනට රාජ්‍ය නිලධාරීන් උපරිම සහාය දිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කඩිනමින් පණ ගැන්විය යුතු ආයතන රැුසකට ප‍්‍රධානීන් පත් කිරීමේදී අදාළ ක්‍ෂේත‍්‍රයේ දක්‍ෂතා ඇති අය පිළිබඳ තොරතුරු ගොනුවක් නොතිබීම බාධාවකැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවයේ සිටින දක්‍ෂයන් ඉතා කඩිනමින් හඳුනාගෙන නිපුණතා සංචිතයක් බිහි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ. වහාම අදාළ පිරිස් හඳුනාගෙන සංචිතය සඳහා නිර්දේශ යොමු කරන ලෙසද සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබිණ.

තොරතුරු තාක්‍ෂණය සහ සිය ක්‍ෂේත‍්‍රයන්ට අදාළව දේශීය සහ විදේශීය පුහුණුවීම් ලබාදීමට පියවර ගැනීමෙන් දක්‍ෂ රාජ්‍ය සේවකයෙක් සහ යහපත් රාජ්‍ය සේවාවක් නිර්මාණය කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒකාබද්ධ සේවයේ පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයන්ට ද විවිධ රාජ්‍ය ආයතනවලට ස්ථාන මාරුවීම් සඳහා පොදු ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ජනාධිපතිතුමා පැවසීය. එමගින් ක්‍ෂේත‍්‍ර රැුසක අත්දැකීම් සහිත පරිපූර්ණ රාජ්‍ය සේවකයෙක් බිහි කළ හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles