Divaina - ප‍්‍රදේශ රැසකට අද සිට වැසි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

දිවයිනේ නිරිතදිග කොටස ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අද (20 දා* සිට වැසි ඇතිවීමේ හැකියාවක් ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිතදිග ප‍්‍රදේශයේත් නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප‍්‍රකාශකයා පැවසීය.

සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද ඔහු කීය.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ස්ථාන කිහිපයක සවස් කාලයේ හෝ රාත‍්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ත‍්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවලද වැසි ස්වල්පයක් ඇතිවේ.

චමින්ද සිල්වා - ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles