Divaina - ශ‍්‍රී ලංකාවට 2023 තෙක් ජී.එස්.පී. බදු සහනය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- යුරෝපා සංගමයේ නියෝජිතයන් හා ඇමැති ප‍්‍රසන්න අතර සාකච්ඡාවේදී කියයි

- ජී.එස්.පී. (GSP) බදු සහනය 2023 දක්වා ශ‍්‍රී ලංකාවට ලබාදෙන බව යුරෝපා සංගමය පවසයි.

කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා සහ යුරෝපා සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡුාවකදී එම සංගමයේ ශ‍්‍රී ලංකා මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති සහ දේශපාලන, වෙළෙඳ හා සන්නිවේදන ප‍්‍රධානී ත්‍රෝර්ස්ටන් බර්ග්ෆෙඞ් මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත.

වෙළෙඳ වාරණයන් පිළිබඳ පොදු ක‍්‍රමය හෙවත් ඨීඡු යුරෝපා සංගමය වෙත අපනයනය කරන භාණ්ඩ වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට හඳුන්වා දුන් සහනයකි. ඨීඡුූ යනු ඨීඡු සහනය ලබන සංවර්ධනය වෙමින් පවතින රටවලටම ලැබෙන අතිරේක උපාංගයකි.

යුරෝපා සංගම් නියෝජිතයන් සහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා අතර පැවැති සාකච්ඡුාවේදී එම සංගමය පෙන්වා දුන්නේ ඨීඡුූ බදු සහනය වැඩි වශයෙන් හිමි වන්නේ මෙරට ඇ`ගලූම් ක්ෂේත‍්‍රයට බවයි. ඇ`ගලූම් අපනයනයෙන් 60% ක්ම අපනයනය කෙරෙන්නේ යුරෝපා සංගමයේ රටවලට බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කීවේ ඇ`ගලූම් කර්මාන්තය මෙරට සමස්ත අපනයනයෙන් 43% ක් පමණ නියෝජනය කරන බවයි. අපනයන ආදායමට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 05 ක් පමණ එක් කරනු ලබන ප‍්‍රධානතම නිෂ්පාදන කර්මාන්තයද ඇ`ගලූම් කර්මාන්තය බව පෙන්වා දුන් ඇමැතිවරයා යුරෝපා සංගමයේ රටවල් ඒ සඳහා දක්වන සහයෝගය පිළිබඳව රජයේ ස්තුතිය පළකරන බවද කීවේය.

යුරෝපා සංගමයේ රටවල ආයෝජකයන් මෙරට ආයෝජනය සඳහා කැමැත්තෙන් සිටින බව යුරෝපා සංගම් උප සභාපතිවරයා කීවේය. යුරෝපා සංගම් රටවල්වලට ශ‍්‍රී ලංකන් ගුවන් සේවා නැවත ආරම්භ කරන ලෙසද ඔහු ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා කීවේ දැනටමත් ඒ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි.

මෙම සාකච්ඡුාවට කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මරීනා මොහොමඞ් යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.

චමින්ද සිල්වා

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles