Divaina - ජනපති නියෝගයෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප දහසක් කරයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 
 
මාර්තු 01 වැනිදා සිට වතු කම්කරුවකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.
 
 මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්‍ෂේත‍්‍රයේ සියලූ අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙසට ද ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.
 
 තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාව ඉහළ නැංවීමට රජය පියවර රැසක් ගෙන තිබේ. දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරීම, පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් මීට ඇතුළත්ය. මේ සහන හිමිවන්නේ වතු සමාගම්වලට බැවින් එහි ප‍්‍රතිලාභ වතු කම්කරුවාට ද හිමි විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
 
 නිෂ්පාදන සහ කර්මාන්ත ක්‍ෂේත‍්‍ර ලබන දියුණුවට සමගාමීව එහි ප‍්‍රතිලාභ කම්කරුවාට හිමිකරදීම රජයේ අපේක්‍ෂාව බව ජනාධිපතිවරයා පවසා තිබේ. 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles