අරුණ බෝගහවත්ත
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස පොහොට්ටුව ලකුණින් ඉදිරි මහ මැතිවරණයට තරග කළහොත් පොදුජන පෙරමුණට සිය ලාංඡුනය වන පොහොට්ටුව අහිමිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එම නිසා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලකුණ පොහොට්ටුවද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව මහලේකම්වරයා ඊයේ (14 දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.
ඉදිරියටත් සන්ධානයක් යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමටත් සන්ධාන ආණ්ඩුවක් යටතේ වැඩ කිරීමටත් සිය පක්ෂය සූදානම් බවද මහලේකම්වරයා පැවසීය.
ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවට ඇතැමුන් සඳහන් කරන බව පැවසූ මහලේකම්වරයා මෙපමණ කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන පක්ෂය බවට පත්ව තිබූ හෙයින් තම පක්ෂයේ අයට එය හුරු නොමැති බව කීවේය.
- Hits: 454