Divaina - උපාධිධාරීන්ට පත්වීම් දෙන නිශ්චිත ක‍්‍රමවේදය ඉදිරියේදී ප‍්‍රසිද්ධ කරනවා - රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  

 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
රජයේ රැකියාවලට උපාධිධාරීන් බඳවා ගනු ලබන්නේ දේශපාලනඥයින් බෙදන අයැදුම්පත‍්‍ර අනුව නොවන බවත් එම බඳවා ගැනීමේ නිශ්චිත ක‍්‍රමවේදය ඉදිරියේදී පුවත්පත් මගින් ප‍්‍රසිද්ධියට පත් කරන බවත් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (14 දා) නාරාහේන්පිට එම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.
 
 මේ යටතේ රැකියා විරහිත සියලූම උපාධිධාරීන්ට රැකියා ලබාදීමට නියමිත බවත් කිසිදු දේශපාලන පදනමකින් තොරව රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩුවලට එම උපාධිධාරීන් බඳවා ගන්නා බවත් මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේය.
 
 මේ උපාධිධාරී පත්වීම් ලබාදීම සඳහා පවතින පුරප්පාඩු පිළිබඳව දැනුම් දෙන ලෙස සියලූම රජයේ අමාත්‍යාංශවලට දන්වා ඇති බවද මේ පත්වීම් ලබා ගැනීම සඳහා තවත් විභාගවලට මුහුණ දීමට අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා කීවේය.
 
 සියලූම පුරප්පාඩු පිළිබඳව අදාළ අමාත්‍යාංශ මගින් දැනුම්දීමෙන් පසු ඒවාට බඳවා ගැනීමේ ක‍්‍රමවේදය පුවත්පත් මගින් ප‍්‍රසිද්ධියට පත් කරන බවද රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා මහතා කීවේය.
 
 උපාධිධාරී නොවන අනෙකුත් රැකියා ලක්‍ෂය බඳවා ගැනීම සඳහා දේශපාලනඥයින් පසුපස යෑමට අවශ්‍ය නොවන බවද ඒ සඳහා ක‍්‍රමවේදයක් සකස් කරන බවද ඇමැතිවරයා තවදුරටත් කීවේය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles