Divaina - වනාතවිල්ලූව රාල්මඩුව ජලාශයේ දියනෑමට ගිය මව පුතා දියණිය ගිලී මරුට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
  wanatha

 මහවැව - අමරානන්ද විජේසේකර
 
වනාතවිල්ලූව රාල්මඩුව ජලාශයේ දිය නෑමට ගිය එකම පවුලේ මව පුතා හා දියණිය දියේ ගිලී ඊයේ (14 දා) මියගොස් ඇතැයි වනාතවිල්ලූව පොලිසිය කියයි.
 
 මෙසේ මරණයට පත්වී ඇත්තේ 35 හැවිරිදි චන්ද්‍රා කුමාරි, 19 හැවිරිදි එස්. සුභාෂිණි සහ 17 හැවිරිදි ක‍්‍රිෂ්ණ කුමාර් නමැති එකම පසුලේ තිදෙනෙකු වේ.
 
 මෙම පිරිස මහනුවර අලවතුගොඩ සයිස්ටස් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් මාස කිහිපයකට පෙර රාල්මඩුවේ පිහිටි පෞද්ගලික ඉඩමක සේවයට පැමිණ තිබේ.
 
 මරණයට පත් කාන්තාව සහ දරුවන් තිදෙනෙකු රාල්මඩුව ජලාශයට දිය නෑමට පැමිණ ඇති බවත් කුඩා දියණිය නාවා වැව් කන්ඩිය උඩ තබා අනෙක් තිදෙනා දිය නාමින් සිටියදී වැඩිමල් දියණිය එකවර දියේ ගිලි ඇති බව පොලිසිය සඳහන් කළේය.
 
 ඇය බේරා ගැනීමට පුතා උත්සහ කර ඇති අතර ඔහුද දියේ ගිලි ඇති අතර දරුවන් දෙදෙනා බේරා ගැනීමට මව යෑමේදී මවද දියේ ගිලි ඇති බව පොලිසිය කියයි.
 
 කුඩා දියණියගේ කෑගැසීමෙන් පසු ප‍්‍රදේශවාසීහු පැමිණ තිදෙනාව ගොඩ ගෙන ඇති බවත් ඒ වන විටත් තිදෙනාම මියගොස් සිටි බවත් වනාතවිල්ලූව පොලිසිය පැවසීය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles