Divaina - ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල නැගලා... බලධාරීහු ඇමැතිට දන්වති.. ඒත් මිල වැඩි කරන්න බැහැ ඇමැති කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 අකිත පෙරේරා
 
 ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල ගණන් ශීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා ඉන්ධන ලීටරයකින් රුපියල් දහයක පමණ අලාභයක් සිදු වන බව ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ බලධාරීන් විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.
 
 මේ හේතුවෙන් ඞීසල් බැරලයක් ඩොලර් අටහමාරකින්ද පෙට‍්‍රල් බැරලයක් ඩොලර් අටකින්ද, සුපිරි ඞීසල් බැරලයක් ඩොලර් තුනකින්ද භූමිතෙල් මිල ඩොලර් හයකින්ද ඉහළ ගොස් ඇතැයි එම නිලධාරීන් ඇමැතිවරයා දැනුවත් කොට තිබේ.
 
 මෙම මිල ඉහළයාම පිළිබඳව ආණ්ඩුව දැනුවත් කරන ලෙසත් පාඩුව අවම කර ගැනීමට පියවරක් ගන්නා ලෙසත් ඔවුන් ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇත.
 
 ඊට ප‍්‍රතිචාර දක්වමින් මහින්ද අමරවීර මහතා බලධාරීන්ට කියා ඇත්තේ ඉන්ධන මිල මේ මොහොතේ වැඩිකිරීමට නොහැකි බවත් ඒ වෙනුවට බදු අඩු කිරීම වැනි විකල්ප ක‍්‍රියාමාර්ගයකට යා හැකි බවත්ය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles