Divaina - සීඅයිඩිය රාජිතගෙන් පැය 4ක් ප‍්‍රශ්න කරයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 හේමන්ත රන්දුණු

raaa500
 සුදු වෑන් මාධ්‍ය සාකච්ඡුාව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14 වැනිදා* පැය හතරක් (4* තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.
 
 රෝහලෙන් පිටව ගිය වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය රාජිත  සේනාරත්න මහතාට නියෝගයක් කර තිබිණි.
 
 කොළඹ ලංකා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න මහතා ඊයේ අලූයම රෝහලෙන් පිටව ගිය අතර පසුව ඊයේ දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
 
 පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියා සිටියේ මෙම සුදුවෑන් මාධ්‍ය සාකච්ඡුාව පැවැත්වීම එම සාකච්ඡුාව සඳහා විවිධ අපරාධ චෝදනා ඇති පුද්ගලයන් දෙදෙනකු කැඳවාගෙන ඊට ඔවුන්ට රුපියල් විසිලක්‍ෂයක මුදලක් දුන් බව කියන සිද්ධිය ඇතුළු තවත් කරුණු රාශියක් සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත් බවයි.
 
 ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් මහින්ද රාජපක්‍ෂ රජය සමයේ එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුදුවෑන් වලින් සිදුකළ පැහැරගැනීම් සම්බන්ධව හෙළිදරව්වක් කරන ලදී.
 
 වර්තමාන රජය බලයට පැමිණීමෙන් පසු මෙම සුදුවෑන් මාධ්‍ය සාකච්ඡුාව සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ අතර ඊට සම්බන්ධවූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
 
 මෙම සුදුවෑන් මාධ්‍ය සාකච්ඡුාව මෙහෙයවූ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කිරීමෙන් පසු ඒ මහතා කොළඹ ලංකා රෝහල වෙත ප‍්‍රතිකාර සඳහා ඇතුළත් විය.
 
 ඡුායාරූපය --නිමල් දයාරත්න
 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles