වරකාපොල - සරත් ආනන්ද ලියනගේ, අතිරේක වසන්ත කුමාර මාපා
වරකාපොල ගනේගම ප්‍රදේශයේ නිවසකට ඊයේ (14 වැනිදා* අලූයම කඩාවැදුණු යුද හමුදාවෙන් පලා ආ සෙබළකු එම නිවසේ සිටි විසි දෙහැවිරිදි තරුණියකට වෙඩි තබා ...
ඝාතනය කර ඇගේ මවට ද වෙඩි තබා බරපතළ තුවාල කර පලා ගොස් ඇත.
මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ රංහොටිපේඩිගේ නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති තරුණියක බව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ හමුදාවෙන් පලා ආ සෙබළා විවාහකයකු වන අතර ඔහු දෙදරු පියෙකි. ඝාතනයට ලක්වූ තරුණිය සහ මෙම හිටපු හමුදා සෙබළා අතර පේ‍්‍රම සම්බන්ධයක් තිබූ බව හෙළිවී ඇත.මෙම පේ‍්‍රම සම්බන්ධය බිඳී යෑම නිසා ඇතිවූ ආරවුලක් මත හිටපු හමුදා සෙබළා මෙම තරුණියට වෙඩි තබා ඝාතනය කර ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබේ.
හිටපු හමුදා සෙබළා මේ වන විට කසිප්පු ව්‍යාපාරයේ යෙදෙන අතර ඝාතනයට ලක්වූ තරුණිය කාලයක පටන් ඔහු සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබිණි.
පසු කලෙක මෙම තරුණියට හිටපු හමුදා සෙබළාගෙන් වෙන් වීමට අවශ්‍ය වී ඇති අතර ඇය මේ බව ඔහුට ප්‍රකාශ කර ඇත.
ඊට විරුද්ධ වූ හිටපු සෙබළා නිතර නිතර මෙම තරුණිය සමග ආරවුල් ඇතිකරගෙන තිබිණි. මේ ආරවුල් සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය වෙත පැමිණිලි කීපයක් ද ලැබී තිබිණි.
සිද්ධිය වූ දිනට පෙර දින සවස සැකකරු තරුණියගේ නිවසට පැමිණ ඇයට මරණ තර්ජන එල්ල කරමින් පරුෂ වචනයෙන් බැණ වැදී නිවසින් පිටව ගොස් ඇති බවත් පසුව 14 දා අලූයම 5.30 ට පමණ නිවැසියන් නිදාගෙන සිටි අවස්ථාවේ එක් වරම තරුණියගේ නිවසට පැමිණ ඇයට වෙඩි තබා ඇති අතර එය වැළැක්වීමට යෑමේදී ඇයගේ මවට ද වෙඩි වැදී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
එම ස්ථානයට පැමිණි වරකාපොල මහෙස්ත්‍රාත් යූ. බී. කුලතුංග මහතා විසින් සිදු කරනු ලැබූ ස්ථාන පරීක්ෂණයෙන් අනතුරුව මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කෑගල්ල මූලික රෝහල වෙත යවන ලෙසට නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වරකාපොල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී. කේ. ජී. ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.
බරපතළ තුවාල ලබා සිටින තරුණියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.