Divaina - කටුවාපිටිය දේවස්ථානය බැලීමට ආ පෝලන්ත කතුන් දෙදෙනාගේ ගමන් බෑගය සොරාගත් දෙදෙනා අල්ලයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

මීගමුව සමුහ - විමල් කීර්ති
 
katuwapiyt135 200 ක් පමණ බැතිමතුන්ට මරු කැඳවමින් මීගමුව කටුවාපිටිය කිතුනු දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන ප‍්‍රහාරය අන්තර්ජාලයෙන් දැක එම දේවස්ථානය සහ කටුවාපිටිය ගම්මානය දැක බලා ගැනීමට පැමිණි පෝලන්ත ජාතික ධනවත් කතුන් දෙදෙනකුගේ ගමන් බෑගය කොල්ලකා සැඟවී සිටි මත්ලෝලීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසියේ නොවිසඳුනු අපරාධ විසඳීමේ ඒකකයේ ස්ථානාධිපති සැරයන් (53155* සුදත් ගුණවර්ධන මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීහු 13 දා සමත් වූහ.
 
 මෙම කොල්ලය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම අතවරයට පත්ව ඇත්තේ පෝලන්ත ජාතික මැදි වයසේ පසුවන ධනවත් කතුන් දෙදෙනෙකි. කටුවාපිටිය දේවස්ථානයට පාස්කු ඉරිදා එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව අන්තර්ජාලයෙන් දැකීමෙන් පසු ඔවුන් එම දේවස්ථානය සහ කටුවාපිටිය ගම්මානය දැක බලා ගැනීම සඳහා 12 දා එම ප‍්‍රදේශයට පැමිණ ඇත. ඔවුන් මෙහිදී කිසියම් පරිත්‍යාගයක් කිරීමට ද සූදානම් වී පැමිණ ඇත.
 
 ඔවුන් දේවස්ථානය දැක බලා ගැනීමෙන් අනතුරුව කටුවාපිටිය ගම්මානය දැක ගැනීමට ගොස් ඇත. ඔවුන් දේවස්ථානය පසු කර ගම්මානය දෙසට යත්ම යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු විසින් එක් විදේශ කතකගේ ගමන් බෑගය පැහැරගෙන පලා ගොස් ඇත. පැහැර ගත් විදේශ කතගේ ගමන් බෑගයේ ඔවුන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර, බැංකු කාඞ් පත්, වටිනා ජංගම දුරකථන සහ වටිනා ලියකියවිලි ඇතුළු වටිනා දෑ රැුසක් තිබී ඇත.
 
 පසුව මෙම කොල්ලය සම්බන්ධයෙන් කටාන පොලිසියට කළ පැමිණිල්ල අනුව එම පොලිස් ස්ථානයේ නොවිසඳුනු අපරාධ විසඳීම් අංශයේ ස්ථානාධිපති සැරයන් (53155* සුදත් ගුණවර්ධන මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීහු පරීක්ෂණ ආරම්භ කර පැය 24 කටත් අඩු කාලයක් තුළ එම කොල්ලය සිදු කළ මත්ලෝලින් දෙදෙනා සොරා ගත් භාණ්ඩ සහ සොරකමට උපයෝගි කර ගත් යතුරුපැදිය අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම මත් ලෝලීන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔවූහු මේ අන්දමින්ට විදේශිකයන්ගේ බෑග් පැහැර ගැනීමේ සිද්ධීන් හතරකට අවශ්‍යව සිටි සැකකරුවන් බව අනාවරණය වී ඇත. මෙම කොල්ලයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වන කටාන දෙමන්හන්දිය ඞී. එස්. ජනපදයේ පදිංචි ටී. මදුක ලක්ෂිත සිල්වා (25* සහ කටියල දෙමන්හන්දිය බ‍්‍රවුන්ස් වත්තේ පදිංචි නුවන් අසන්ත ද සිල්වා (26* නමැති සැකකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත. මෙම වැටලීමට කටාන පොලිසියේ නොවිසඳුනු අපරාධ විසඳීමේ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සැරයන් (53155* සුදත් ගුණවර්ධන, පො. කො. (82685* උදය කුමාර සහ පො. කො. (93442* සඳනුවන් යන නිලධාරීහු සහභාගි වූහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles