Divaina - සංචාරක ප‍්‍රවර්ධනයට ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්න... ගත යුතු තීරණ නොබියව ගන්න

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 ලසිත දුමින්ද
 
godfb135 සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
 
 වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායක කරගත හැකි ප‍්‍රධාන ක්‍ෂේත‍්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බවද සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (13 දා* පැවැති සාකච්ඡුාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
 
 ක්‍ෂේත‍්‍රයේ පළපුරුද්ද සහ කැපවීම සහිත දක්‍ෂ කණ්ඩායමක් අපට අවශ්‍යයි. හැම පියවරකින්ම කඩිනම් ප‍්‍රතිඵල අත්කරගත යුතුයි. ගත යුතු තීන්දු තීරණ රට වෙනුවෙන් නොබියව ගැනීමට මම සූදානම්. තීරණවල ප‍්‍රතිඵල රටට සහ ජනතාවට හිමිකර දීමට නිලධාරීන් කැපවනු ඇතැයි අපේක්‍ෂා කරනවා. ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජය ගන්න පිළිවන්.’’ ජනාධිපතිවරයා කීය.
 
 සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලූ සහ එහි ප‍්‍රවර්ධනයට ගතයුතු තීරණ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡුා කෙරිණි.
 
 මෙරටට පැමිණෙන සංචාරකයන්ට සැපයෙන පහසුකම් වැඩිදියුණු කළ යුතු බවත් ගුවන්තොටුපළේ සිටම පහසුකම් විධිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 
 ආයතන 04 ක් ලෙස කි‍්‍රයාත්මක සංචාරක මණ්ඩලය එක් කරමින් සියලූ ආයතන මනා සම්බන්ධීකරණයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.
 
 සංචාරක සහ හෝටල් ක්‍ෂේත‍්‍රය පිළිබඳ උපාධි හදාරන සිසුන්ට හෝටල් පාසලේ පුහුණුවක් දීමෙන් හෝටල් කළමනාකරුවන් බිහිකිරීමේ හැකියාව ද සාකච්ඡුාවට ගැනිණ.
 
 සංචාරක පොලිසිය යළි කි‍්‍රයාත්මක කිරීමට සහ ක්‍ෂේත‍්‍රයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමට ද තීරණය කෙරිණි.
 
 ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් නීති රීතිවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අවධානය යොමු වූ අතර අනවශ්‍ය අනුමැතීන් ඉවත් කිරීමේ වැදගත්කම සාකච්ඡුාවට ලක් විය.
 
 අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරු ද සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. මොහොමඞ් මහත්මිය සහ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. එස්. එස්. ප‍්‍රනාන්දු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්‍ෂේත‍්‍රයට අදාළ ආයතනවල ප‍්‍රධානීහු මීට එක්ව සිටියහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles