Divaina - ඖෂධ ජාවාරම සහ ටෙන්ඩර මගඩිය දිගටම - වෛද්‍ය හරිත අලූත්ගේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඉවත්ව ඇතත් ඔවුන් එකල ගෙනගිය ටෙන්ඩර මගඩිය ඇතුළු ඖෂධ ජාවාරම ඒ ආකාරයෙන්ම තවමත් ක‍්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් බවත් ඊයේ (13 දා) දිනයේදී ද රුපියල් මිලියන 600 ක ඖෂධ ටෙන්ඩර් ජාවාරමක් පිළිබඳ සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ‘දිවයින’ට පැවසීය.

හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ හිටපු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඉවත්ව ඇතත් එකල ඔවුන් සමග

සහයෝගයෙන් කටයුතු කළ අය එම ආයතනවල රැුඳී සිටිමින් එකී සුපුරුදු ඖෂධ මාෆියාව කරගෙන යන බව ද අලූත්ගේ මහතා කීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරිය දැනුවත් කර වැඩිදුර වාර්තාවක් ලබාදීමට කටයුතු කරගෙන යන බව ද හෙතෙම කීය.

මේ වනවිට රෝහල්වල ද ඖෂධ හිඟයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් රජයේ රෝහල්වල සිටින වෛද්‍ය ශාඛා සංගම්වල නියෝජිතයන්ගෙන් ලබන සිකුරාදාට පෙර වාර්තාවක් කැඳවීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

හිටපු ඇමැතිගේ සහ හිටපු ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ ක‍්‍රියා කලාපය හේතුවෙන් උද්ගත වෙමින් පවතින ඖෂධ හිඟය ඉදිරියේදී තවදුරටත් වර්ධනය විය හැකි බව ද ඒ මහතා පැවසීය.

අනෙකුත් ඖෂධ සමාගම්වල ටෙන්ඩර් හිර කරමින් එම සමාගම්වලට අදාළ ගෙවීම් ප‍්‍රමාද කරමින් ද බැංකු ජාලය තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීමෙන් ද හිටපු ඇමැතිවරයාට සහ හිටපු ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා එකල ගෙන ගිය කූට ව්‍යාපාරය තවමත් ඖෂධ ක්‍ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන බවට ඖෂධ සමාගම් ද චෝදනා කර සිටී.

ඔවුන් එදා පවත්වාගෙන ගිය ඖෂධ ඒකාධිකාරය දැන්වත් බිඳ දැමිය යුතු බවත් එකල ඔවුන්ගේ ක‍්‍රියා කලාපයන් හේතුවෙන් රජයට මිලියන ගණන් පාඩු සිදු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

හිටපු ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට හිතවත් ඖෂධ සමාගමට එදා තිබූ අනීතික බලතල තවමත් ඒ ආකාරයෙන්ම පවතින බවත් ඒ නිසා අනෙකුත් ඖෂධ සමාගම් අඩපණ වී ඇති බවත් එම සමාගම් පෙන්වා දෙති.

චමින්ද සිල්වා

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles