Divaina - තව දින 46 කින් පාර්ලිමේන්තුව ජනපතිට විසුරුවා හැරිය හැකියි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

හරියටම තවත් දින 46 කින් පසු එළඹෙන මධ්‍යම රාත‍්‍රි 12 ට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙන බව අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

දින 46 කින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් හරියටම තව දින 100 කින් පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය දකින පුරවැසියෙක් ලෙස පාර්ලිමේන්තුව ඒ දින 46 න් පසු එක විනාඩියක්වත් ආයුෂ දික් නොකළ යුතු යැයි ද තමා සිතන බවත් ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා වුවත් මේ පාර්ලිමේන්තුව එතුමාගේ පාර්ලිමේන්තුවක් නොවන බවත් වත්මන් පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය වේගයෙන් ක‍්‍රියාත්මක කිරීමට යම් යම් බාධාවන් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (13 දා* පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

අනුර බාලසූරිය

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles