Divaina - ඉදිරියේදී බිහි කරන එජාප සන්ධානයේ නායකත්වය සජිත්ට හිමි විය යුතුයි- මනෝ ගනේෂන්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරුන් වුවත් ඉදිරියේදී බිහිකරන එජාපය ප‍්‍රමුඛ සන්ධානයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවිය යුතු බව දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා පැවසීය.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව ඊයේ (13 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් එය ජය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානය ගොඩනැගිය යුතු බවට තමා මෙන්ම තම පක්ෂය ද විශ්වාසය තබා ඇතැයි හෙතෙම කියා සිටියේය.

ආන්දෝලනාත්මක හඬ පට ගැන තමන් කලබල නොවන බවත්, එය වැරදි ක‍්‍රියාවක් වන අතර කිසිවකුගේ දුරකථන සංවාදයක් පටිගත කිරීම නීති විරෝධී වන බවත් සඳහන් කළ මනෝ ගනේෂන් මහතා එය සදාචාර විරෝධී ක‍්‍රියාවක් බව ද පැවසීය.

එම හඬපට තුළින් හෙළි වී ඇති කරුණු සම්බන්ධයෙන් මෙන්ම එයින් අපහසුතාවට පත්වූ අය ගැනත් ආණ්ඩුව විසින් සොයා බැලිය යුතු බවත් පැවසූ හෙතෙම පැවති ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස තමා රාජකාරිය හරිහැටි ඉටු කළ බවත් කියා සිටියේය.

එසේ වුවත් එක්සත් ජාතික පක්ෂය වටා සන්ධානයක් නිර්මාණය වන බවත් එහි නායකයා නිසැක වශයෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතා විය යුතු බවත් කියා සිටි මනෝ ගනේෂන් මහතා මේ මොහොතේ වෙනත් කිසිදු නායකයෙක් එයට සුදුසු නැතැයි ද වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles