Divaina - අසර්බයිජානයේදී මියගිය සිසුවියන්ගේ මෘත දේහ ගෙන්වීමට රජයෙන් ලක්‍ෂ 15 ක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අසර්බයිජාන්හී බාකු නුවරදී මියගිය ශී‍්‍ර ලාංකික සරසවි සිසුවියන් තිදෙනාගේ මෘත දේහ ශී‍්‍ර ලංකාවට රැුගෙන ඒම සඳහා රජයෙන් රුපියල් ලක්‍ෂ 15 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (13 දා) එම දරුවන්ගේ දෙමවුපියන් විදේශ අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

පිළියන්දල බෝකුන්දර පදිංචි එකම පවුලේ සොහොයුරින් දෙදෙනා වන 23 හැවිරිදි මල්ෂා සංදීපනී සහ 21 හැවිරිදි තාරුකී අමායාද, කඩුවෙල පහළ බෝමිරිය පදිංචි 24 හැවිරිදි අමෝiා මධුහංසි ජයකොඩිද මෙසේ මියගොස් සිටිති.

ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසේ හටගත් හදිසි

ගින්නිකන් පිටවූ විෂ වායු ආඝ‍්‍රාණය කිරීම නිසා මෙසේ අවාසනාවන්ත ලෙස මොවුන් තිදෙනා මරණයට පත්වී තිබේ.

මොවුන් තිදෙනා 2019 වසරේ ජුලි මස 16 වැනිදා අසර්බයිජානයේ වෙස්ටන් කැස්පියන් නමැති පෞද්ගලික විශ්වවිiාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් සිටියහ.

මල්ෂා තොරතුරු තාක්‍ෂණවේදී උපාධියත්, තාරුකී මෝස්තර නිරූපණ ශිල්පී උපාධියත්, අමෝiා ඉංගී‍්‍රසි ඩිප්ලෝමාවත් හදාරමින් සිටියහ.

උපාලි ද සේරම්, ලසිත දුමින්ද

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles