Divaina - එතෙරින් ගෙනා කසළ පරීක්‍ෂාව රස පරීක්‍ෂකගේ දැනුම් දීම ගැන විමර්ශනයක් කරන්නැයි අධිකරණ ලේකම්ට නියෝග

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

විදේශ රටවල සිට ශී‍්‍ර ලංකාවට ආනයනය කළ අපද්‍රව්‍ය සහිත කැළි කසළ බහාලූම්වලින් නියැදි ලබාගෙන ඒවා මිනිස් සිරුරට හා පරිසරයට කෙතරම් හානිදායකදැයි දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට තම අධිකරණය විසින් ලබාදී ඇති නියෝගය ඉටුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්‍ෂකවරයා කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (13 දා) අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේය. 04 - පිටුවට

ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර එකී විමර්ශනය සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදෙන ලෙසටද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එහිදී අධිකරණ අමාත්‍යවරයාට සහ නීතිපතිවරයාට නියෝග කළහ.

තම අධිකරණය විසින් එකී නියෝගය රජයේ රස පරීක්‍ෂකවරයාට ලබාදී දීර්ඝ කාලයක් ගතවී ඇතත් මේ දක්වා අධිකරණය සෑහීමට පත්විය හැකි මට්ටමෙන් කි‍්‍රයාත්මක නොවීම පිළිබඳව තම අධිකරණයේ කනස්සල්ල පළ කළ විනිසුරු මඬුල්ල ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් ප‍්‍රගතිය ලබන පෙබරවාරි 13 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කළේය.

එකී කැළි කසළ ඒවා ආනයනය කළ රටවලටම ආපසු යැවීමට මධ්‍යම පරිසර අධිකාරිය සාකච්ඡුා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේය. එකී අපද්‍රව්‍ය සහිත කැළි කසළ ආපසු යැවීම සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් තම අධිකරණය විසින් මේ වන විට ලබාදී ඇති නියෝග ඒ සඳහා බාධාවක් නොවන බවද පැවසූ විනිසුරු මඬුල්ල එකී නඩු කටයුත්ත සම්බන්ධයෙන් තම අධිකරණය විසින් මේ දක්වා ලබාදී ඇති නියෝග සහ කාර්ය සටහන් වහාම අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසද එහිදී අභියාචනාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.

විදේශ රටවලින් ආනයනය කර මේ වන විට කොළඹ වරාය පර්යන්තයේ හා කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ පිහිටි හේලීස් ෆී‍්‍රසෝන් සමාගම් භූමියේ ගොඩගසා ඇති කැළි කසළ මිනිස් සිරුරට හා පරිසරයට දැඩි හානිදායක බැවින් ඒවා ආපසු එකී රටවලටම යැවීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබූ නඩුව ඊයේ (13 දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝග කළහ.

ඒ සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ඊයේ සිට සති හයක කාලයක් තුළ අධිකරණයට ගොනු කරන ලෙස එහිදී වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළ විනිසුරු මඬුල්ල එකී සති හයක කාලය ඉක්මවී සති හතරක කාලයක් ඇතුළත ලිඛිත ප‍්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළහ.

නීතිඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles