Divaina - රැකියා විරහිත සියලූ උපාධිධාරීන්ට මාර්තු 1 දාට පෙර රජයේ රැකියා දෙනවා- ඇමැති ඩලස් අලහප්පෙරුම

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

රැකියා විරහිත සියලූම උපාධිධාරීන්ට කිසිදු බේදයකින් තොරව ලබන මාර්තු 1 වැනිදාට පෙර නිසැකවම රජයේ රැුකියා ලබාදෙන බව අධ්‍යාපන, කී‍්‍රඩා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

රැකියා විරහිත උපාධිධාරීන් 50,000 කට අධික පිරිසක් මේ වන විට සිටින බවත්, ඒ සියලූම දෙනාට රැුකියා ලබාදෙන බවත් ඇමැතිවරයා පැවසීය.

ප‍්‍රතිපත්තිමය වශයෙන් මීළඟ කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ඊට අදාළ තීරණය ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන් ද නොබලා කිසිදු වයස්, ජාති, ආගම් පක්‍ෂ භේදයකින් තොරව මේ සියලූම රැුකියා විරහිත උපාධිධාරීන්ට රැුකියා ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ගණිතය, විද්‍යාව, තාක්‍ෂණය, සෞන්දර්ය, ඉංගී‍්‍රසි, විදේශ භාෂා සඳහා විශාල ගුරු හිඟයක් තිබෙන නිසා එම අංශවලින් උපාධියක් ලබා තිබෙන අය ගුරු වෘත්තියට බඳවා ගන්නා බවත් හෙතෙම කීවේය.

උපාධිධාරී භික්ෂූන් වහන්සේ ද ගුරු වෘත්තිය සඳහා පමණක් බඳවා ගන්නා බවත් මින්පසු භික්‍ෂූන් වහන්සේට අගෞරව වන ලෙස ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල හෝ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවල හෝ වෙනත් රාජ්‍ය ආයතනවල සේවයට බඳවා නොගන්නා බවත් ඒ බව මහානායක හිමිවරුන් ඇතුළු අන්‍ය ආගමික නායකයන්ට ද ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත් ඇමැතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව මේ සියලූ රැුකියා විරහිත උපාධිධාරීන්ට රැුකියා ලබා දෙන බවද ඇමැතිවරයා පැවසීය.

2012 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ රැුකියා විරහිත සියලූ උපාධිධාරීන්ට කිසිදු බේදයකින් තොරව රැුකියා ලබාදීමට තීරණයක් ගත් බවත් ඉන්පසු එම ප‍්‍රතිපත්තිය අද දක්වා කි‍්‍රයාත්මක නොවූ බවත් හෙතෙම කීවේය.

බත්තරමුල්ල නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදී ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන, කී‍්‍රඩා හා තරුණ කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

අනුර බාලසූරිය

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles