Divaina - ඔප්පු නැති පන්සල්වලට කඩිනමින් පූජා භූමි ඔප්පු

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඔප්පු නොමැති රට පුරා පිහිටි සියලූම බෞද්ධ විහාරස්ථාන සඳහා කඩිනමින් පූජා භූමි ඔප්පු ලබා දීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රානි හේරත් මහත්මිය ‘දිවයින’ට ඊයේ (13 දා) පැවසුවාය.

රට පුරා පිහිටි බෞද්ධ විහාරස්ථානවල භික්‍ෂූන් වහන්සේ රජයෙන් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන තම වැඩපිළිවෙළ කඩිනම් කර ඇත.

ඉදිරි මාස තුන ඇතුළතදී රට පුරා පිහිටි බෞද්ධ විහාරස්ථාන 50 කට පූජා භූමි ඔප්පු ලබා දීමට ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු දැන් සිදුවන බව ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය පවසයි.

රට පුරා සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි ජංගම සේවා පවත්වා ඉඩම් ආරවුල්වලට කඩිනමින් විසඳුම් ලබා දීමටත් ඉඩම් නොමැති ජනතාව නිශ්චිතව හඳුනා ගැනීම සඳහාත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවද ඇය කියා සිටී.

මේ අතර රජයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අවිධිමත් වගාකරුවන් සහ පදිංචිකරුවන් නිශ්චිතව හඳුනාගෙන ඉඩම් නොමැති ජනතාවට පමණක් නීත්‍යානුකූල ඔප්පු ලබාදීමටත් රජය කටයුතු කරන බවද ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය වැඩි දුරටත් පැවසුවාය.

පි‍්‍රයදර්ශන ලියනගේ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles