Divaina - පාඨලීගේ රියැදුරු රහස් ප‍්‍රකාශයක් දීමට අවසර ඉල්ලයි

mobitel

 B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

රට තුළ මහත් ආන්දෝලනයට ලක්වූ රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලූම් කුමාර නමැත්තා රහස් ප‍්‍රකාශයක් ලබාදීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජනි සිල්වා මහත්මිය හමුවේදී අවසර ඉල්ලා ඇත.

එම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කොට තිබියදී පසුගිය 6 වැනිදා ඇප මත මුදාහරිනු ලැබූ එම රියැදුරු ඊයේ (13 දා) නීතිඥවරයකු මගින් මෝසමක් ගොනු කර අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පස්වරු 4.00 ට පමණ නීතිඥවරයකු සමග මහෙස්ත‍්‍රාත් නිල මැදිරියට ගිය සැකකාර රියැදුරු එහිදී එකී ඉල්ලීම සිදුකර ඇත. නිල මැදිරියට ගොස් විනාඩි 15 කට පමණ පසුව පිටතට පැමිණි සැකකරුගේ නීතිඥවරයාගෙන් මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ අතර මේ අවස්ථාවේදී ඒ පිළිබඳව මාධ්‍යට කිසිම ප‍්‍රකාශයක් සිදුකළ නොහැකි බව එකී නීතිඥවරයා දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක සහ කශුනි රෙබෙකා
 

kandos18

අද දිවයින

සිනමා කලා

isuru250

නවලිය

niros250

දියග

basur250

මීවිත

rukan250

More Articles