Divaina - ඉදිරි මහ මැතිවරණයේදී වියත්මග සහ පොහොට්ටුව අතර දැඩි අර්බුද ඇති වෙනවා මුජිබර් රහුමාන්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p15 1- නෑදෑයන්ට තනතුරු දෙන්නේ නැහැ කිව්වට  - නාමල්ගේ සහ යෝෂිතගේ නැන්දනියට, මාමණ්ඩියට අධ්‍යක්‍ෂ තනතුරු දීලා

එක්සත් ජාතික පක්ෂ අර්බුදයට වඩා වැඩි අර්බුදයක් වියත්මග සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඉදිරි මැතිවරණයේදී ජනතාවට දැකගත හැකිවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා 12 දා පැවසීය.

වියත්මග සංවිධානයේ පිරිස් මේ වනවිට නූගත් පිරිස් පාර්ලිමේන්තුවට පත් නොකරන ලෙස ජනතාවගෙන් කරන ඉල්ලීම් මේ වනවිටත් ප‍්‍රදර්ශනය වෙමින් පවතින බව ද මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයේ 12 දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කීවේය.

මේ ආණ්ඩුව බලයට ඇවිත් ලබන 17 වැනිදා වනවිට මාස 02 ක් ගතවෙන්න එනවා. නමුත් ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු රජය ඉටුකර නොමැති බව පේන්න තියෙනවා. අපිට මතකයි ජනතාවගේ ජීවන බර, රජයේ සේවකයන්ට ඉහළ ජීවන තත්ත්වයක් ලබාදීම, නෑදෑ හිතවතුන්ට තනතුරු ලබා නොදීම ඇතුළු පොරොන්දු රාශියක් දුන්නා. විශේෂයෙන් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරුන්ට චෝදනා කළා. අද ඒ ගැන කථාවක් නැහැ. මේ සියලූ පොරොන්දු පැත්තක තියලා දැන් රංජන් රාමනායක හඬපට දාලා පොඩි ආතල් එකක් ගනිමින් ඉන්නවා.

මේ අය රාජිත, චම්පික වැනි අය හිරේ දාන්නත් උත්සාහ කරනවා. අපි හම්බන්තොට වරාය බදු දෙනකොට විකිණුවා කිව්වා. දැන් ශැන්ග‍්‍රිලා හෝටලයට යාබද අක්කර තුනක ඉඩමක් මේ අය බදු දීමට සියල්ල සූදානම් කරලා ඉවරයි. අපි අහන්නේ අපි බදු දෙනකොට විකුණනවා කියනවා. මේ අය ඒක කරනවිට ජනතාවට වැරදි දේවල් කියලා තමයි කරන්නේ. අපි අහනවා මේ ඉඩම දෙන එක 69 ලක්ෂයක් ඡුන්දය දුන්න ජනතාවට කිව්වද කියලා. ජනතාවට තව මාස දෙක තුනක් යනකොට මේ අය කරන දේවල් තේරෙන්න ගනීවි.

අපි අඩු ආදායම් ලාභී පවුල්වල ගැබිනි මාතාවන්ට රුපියල් 2000 ක පෝෂණ මල්ලක් දුන්නා. මේ අය ඒක නවත්වලා. මේ ජනවාරි ඉඳලා විධායක ශ්‍රේණියේ අයට රුපියල් 15,000 ක දීමනාවක් දෙන්න ගියා. මේ අය ඒකත් නවත්වලා. ඒ වගේ රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් 10,000 දීමනාවෙන් රුපියල් 5000 ක් මූලික වැටුපට එකතු කරලා මේ වසරේ ජනවාරි සිට තවත් රුපියල් 3000 ක් මූලික වැටුපට එකතු කරන්න නියමිතව තිබුණා. මේ අය ඒකත් නවත්වලා. අතිකාල දීමනාත් නවත්වලා. මේ අය රජයේ සේවකයන්ට දුන්න පොරොන්්දු නිසා රජයේ සේවකයන් වැඩි ඡුන්ද ප‍්‍රමාණයක් ලබා දුන්නා. අද පොරොන්දු විතරයි. වැඩ නැවතිලා කඩවුනු පොරොන්දු වෙලා.

මේ ආණ්ඩුව ආවම සේවක පළිගැනීම් කරන්නෙ නැහැ කිව්වා. නමුත් මේ වනවිට රාජ්‍ය අංශයේ වැඩි පිරිසකට රැුකියා අහිමි කරලා තියෙනවා. ව්‍යාපෘති නිලධාරීන් 1800 ක්, ලංගම 1500 ක්, වැනි ආයතන ඇතුළු සේවක රැුකියා 12,000 කට වැඩිය මේ වනවිට අහිමි කරලා තියෙන්නේ. වියත්මග සංවිධානයේ අය දැන් ජනතාවට නූගත් අය පාර්ලිමේන්තුවට එවන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ අට පාස් නැති අය පාර්ලිමේන්තුවේ ඉන්න නිසාද?

ඥාතීන්ට රැුකියා දෙන්නේ නැහැ කිව්වට මේ වනවිට නාමල් රාජපක්ෂ හා යෝෂිත රාජපක්ෂ යන අයගේ නැන්දම්මාට හා මාමණ්ඩිට සිවිල් ගුවන් සේවා ආයතනයේ අධ්‍යක්‍ෂ තනතුරු ලබා දී තිබෙනවා. හෙට අනින්දා වනවිට මැණික් ආච්චිටත් මැණික් හා සවර්ණාභරණ අධිකාරියේ තනතුරු දෙයි ද දන්නෙ නැහැ.

ප‍්‍රශ්නය:- මේ වනවිට එජාපය තුළ අර්බුද ඇතිව තියෙන විට ඒවා විසඳන්න බැරිව නේද ඉන්නෙ.

පිළිතුර:- අපේ පක්ෂයේ ගැටලූ තියෙනවා. අපි ඒ ප‍්‍රශ්න ලබන බ‍්‍රහස්පතින්දා විසඳ

ගන්නවා. ඉදිරියේදී අපේ පක්ෂයේ ප‍්‍රශ්නවලට වඩා වියත් මග, පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මත බේද ඇතිවන බව මේ වනවිට දකින්නට ලැබෙනවා. වියත් මග පිරිස් ජනාධිපතිවරයාගේ මතය ගෙනි යන්න උත්සාහ කරනවා. අගමැතිගේ පිරිස් අගමැතිගේ මතය ගෙනියන්න උත්සාහ කරනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ඒ අයගේ මතය ගෙනි යන්න උත්සාහ කරනවා. මේ සියලූ මත ගැටුම් ඉදිරි මහ මැතිවරණයේදී අපිට දැකගන්න පුළුවන් වෙයි.

ප‍්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂය සිරිකොත එක් මාධ්‍ය හමුවක් පවත්වනවිට විපක්ෂ නායක කාර්යාලයත් ඒ අවස්ථාවෙම මාධ්‍ය හමුවක් පවත්වනවා. මේක අර්බුදයක් නේද?

පිළිතුර:- කිසිම අර්බුදයක් නැහැ. මේ දෙතැනදීම කියන්නේ අපේ පක්ෂයේ මතය. අපි කතා කරගෙනයි මාධ්‍ය හමු පවත්වන්නේ. එතන කථා කරන අයත් මෙතනට එනවා. මෙතන අයත් එතැනට යනවා.

ප‍්‍රශ්නය:- රංජන් රාමනායකගේ ප‍්‍රශ්නය පක්ෂයට අභියෝගයක් නේද?

පිළිතුර:- මේක එතරම් දෙයක් නොවෙයි. පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් මහජන නියෝජිතයන් ලෙස රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශ්වවලට කථා කරනවා. ඒක බොහෝවිට සිදුවනවා. මෙතන වැරැුද්දකට තියෙන්නේ රංජන් එම සාකච්ඡුා පටිගත කිරීමයි. ඒක මම අනුමත කරන්නේ නැහැ. මන්ත‍්‍රීවරුන්ට තොරතුරු දැනගන්න රාජ්‍ය නිලධාරීන් ඇතුළු විවිධ අයට කතා කරන්න අයිතියක් තියෙනවා. රංජන්ගේ හඬපට පොලිසියට ලැබුණා කිව්වාම මට හිතෙන්නේ ඇමැතිවරයෙකුට මේවා මුලින්ම ලැබිල පොලිසියට දෙන්න ඇති කියලයි.

චමින්ද සිල්වා

ඡායාරූපය - තුෂාර අතපත්තු
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles