Divaina - ජනාධිපතිට 2/3 ක පාර්ලිමේන්තුවක් සඳහා ශ‍්‍රීලනිපයේ පූර්ණ සහාය ලබා දෙනවා - හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන කළුතරදී කියයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p10 1- රට ගැන සිහින රැුසක් තිබුණා. ඇතැම් ඒවා ඉටු කළා. සමහර දේවල් කරන්න බැරිවුණේ තිබූ බාධක නිසයි
 
 - සටහනය හා ඡායාරූප - විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ.
 
 - ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීමට අප ශී‍්‍රලනිපයේ සහාය ලබා දුන්නා. ඒ වගේම 3/2 ක බලයක් සහිත පාර්ලිමේන්තුවක් සඳහාත් අපි ජනපති ගෝඨාභයට ශ‍්‍රීලනිපයේ පූර්ණ සහාය ලබා දෙනවා යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කළුතරදී ප‍්‍රකාශ කළේය.
 
 හිටපු ජනාධිපතිවරයා එසේ ප‍්‍රකාශ කළේ ඉකුත් 10 වැනිදා සවස කළුතර පැවති ඉන්‍ද්‍රපාල අබේවීර, විජයලාල් මෙන්ඩිස්, සහ මාටින් සිල්වා 31 වැනි ගුණ සමරුවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමිනි.
 
 ඊට සමගාමීව අලූතින් ඉදිකළ ඉන්‍ද්‍රපාල අබේවීර විජයලාල් මෙන්ඩිස් සංස්කෘතික කේන්‍ද්‍රයද විවෘත කෙරිණි.
 
 එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
 
 මෙම ගුණ සමරු උත්සවය පැවැත්වෙන්නේ මනුස්සකම තිබෙන මිනිසුන්ට වටිනාකම දෙන්නයි.
 
 ඉන්‍ද්‍රපාල අබේවීර මහතා එදා ශ‍්‍රීලනිපයේ උප ලේකම් ලෙස හා පක්‍ෂ මූලස්ථානයේ පරිපාලන ලේකම් ලෙස කටයුතු කළා. මාද එතුමා සමග සිටියා. එතුමාගේ නිහතමානී සරල ජීවිතය, මානව දයාව මා ඉතා හොඳින් දුටුවා. ඒ වගේම අපගේ දේශපාලන ව්‍යාපාරයට එතුමා හොඳ නායකත්වයක් දුන්නා.
 
 ලෝකය වෙනස් කරන්නට උත්සාහ කළ අයට ලැබුණු පිළිතුර වූයේ වෙඩි පහරයි. ඇමරිකාවේ කළු - සුදු භේදයට විරුද්ධ වූ ඒබ‍්‍රහම් ලින්කන්ට, මාටින් ලූතර් කිංට, මහත්මා ගාන්ධිට වෙඩි පහර එල්ල වුණා.
 
 ඒ වගේම අප රටේ ශ‍්‍රීලනිප නිර්මාතෘ වූ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා වෙඩි පහරට ලක්වුණා. ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හැදීමට උත්සාහ කළ ඉන්‍ද්‍රපාල අබේවීර හා විජේලාල් මෙන්ඩිස්ට අත් වූයේත් ඒ ඉරණමමයි. ඒක මිනිස්කමට නිග‍්‍රහ කළ නිහීන ම්ලේච්ඡු පහත් ක‍්‍රියාවක්.
 
 මේ අයට එදා සමීපව කටයුතු කළ අයෙකු වූයේ මුළු රටටම ආලෝකයක් බඳු බුද්ධ පුත‍්‍රයෙකු වූ පොහොද්දරමුල්ලේ පේමාලෝක හාමුදුරුවෝයි. උන්වහන්සේ යහපත් රටක් හදන්නට හා උතුම් ශාසනික සේවයක් සඳහා නායකත්වය දුන්නා. ප‍්‍රගතිශීලී මානවවාදී දේශපාලන ක‍්‍රමයක් සඳහා මඟ පෙන්නුවා. අද මේ සිහිපත් කරනුයේ එදා ඒ පක්‍ෂය වෙනුවෙන් දිවි දුන් සියලූ දෙනාවයි.
 
 ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛව බිහි වූ සන්ධාන ආණ්ඩු මේ රටේ ආර්ථික විප්ලවයක් ඇති කළා. මේ රටේ සියලූ ජන කොටස් එකතු කර රටේ සංහිඳියාව ඇති කළා. ගෝඨාභය මහතා සමඟ අලූත් ආණ්ඩුවක් සාදා ගැනීම සඳහා පූර්ණ කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට ශ‍්‍රීලනිපය තීන්දු කර තිබෙනවා. රටට අලූත් ගමනක් යෑමට අවශ්‍ය වී තිබෙනවා.
 
 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණ ජයග‍්‍රහණයත් සමග මට රට ගැන බලාපොරොත්තු සහ සිහින රැුසක් තිබුණා. ඒ ඇතැම් ඒවා ඉටු කර ගන්නට ලැබුණා. ඇතැම් ඒවා ඉටුකර ගන්නට බැරිවුණේ මා හට තිබූ බාධා නිසයි.
 
 මේ රටේ විනයනගරුක යහපත් සමාජයක් සහිත රටක් ලෙස, ජාතික සමගිය ඇති රටක් ලෙස ලොවේ ප‍්‍රමුඛ රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා අලූත් ජනාධිපතිට සහාය දීමට අප තීරණය කළේ එය යුගයේ අවශ්‍යතාවයක් නිසයි. සන්ධාන ගතවීම තුලින් 2/3 ක පාර්ලිමේන්තු බලයක් ජනාධිපතිට ලබාදීම අපේ බලාපොරොත්තුවයි.
 
 ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී බලවේග කීප අවස්ථාවක් අප රට පාලනය කර තිබෙනවා. 1956 ඉඳලම සහෝදර දේශපාලන පක්‍ෂ සමඟ ඇතිකර ගත් සන්ධාන ආණ්ඩු මගින් රටට විශාල සේවයක් ඉටුකර තිබෙනවා. මෙවරත් සියලූ මිත‍්‍රශීලී දේශපාලන පක්‍ෂ සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට 2/3 ක පාර්ලිමේන්තු බලයක් සහිත ආණ්ඩුවක් පිිහිටුවීම සඳහා සහාය ලබා දීමට අපේ පක්‍ෂය තීරණය කර තිබෙනවා.
 
 ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා -
 
 මෙම ගුණ සමරුවට සමගාමීව ප‍්‍රදේශයේ කලාකරුවන් වෙනුවෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත වුණා. එය ඉදිකිරීම සඳහා මටත් දායක වීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා.
 
 ජනාධිපතිවරණයේදී කළුතර දිස්ත‍්‍රික්කය අප ජයග‍්‍රහණය කළේ විශාල වැඩි ඡුන්ද සංඛ්‍යාවකින්. ඒ ඡුන්ද අතර ශ‍්‍රීලනිපයේ ඡුන්දත් විශාල ප‍්‍රමාණයක් තිබෙනවා.
 
 ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා අද රට පාලනය කරන ආදර්ශවත් විදිය දුටුවාම සතුටු හිතෙනවා. එතුමාගේ ජයග‍්‍රහණයට එකතුවීමට අප ගත් තීරණය හරි කියා අපට හිතෙනවා. රට ඉදිරියට ගෙන යෑම සඳහා ඉදිරියටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ශ‍්‍රීලනිප සහාය ලබා දෙනවා.
 
 අමරපුර ශ‍්‍රී සම්බුද්ධ ශාස්ත්‍රෝදය මහා නිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය වලතල සුභූති නාහිමි -
 
 මේ සියලූ දෙනා ජීවිතය පූජා කළේ මේ පක්‍ෂය නිසයි. කොටින්ම කීවොත් මේ කොටන් ඇදපු අය.
 
 චම්ලි ගුණවර්ධන මහත්තයාගේ බල ප‍්‍රදේශය මිසක් එදා කළුතරට ශ‍්‍රීලනිපයක් තිබුණේ නැහැ. ඉන්‍දපාල අබේවීර මහතා විජේලාල් මෙන්ඩිස් මහතා හා එක්ව කළුතර දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රීලනිපය විධිමත්ව සංවිධානය කළා. ඉන්‍ද්‍රපාල මහතා පසුව ශ‍්‍රීලනිපයේ උප ලේකම් බවට පත්වුණා.
 
 එදා ඩාර්ලි පාරේ පක්‍ෂ මූලස්ථානයට අපි ගියාම මේ අය හමුවෙනවා. මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාත් ඒ දවස්වල පොලොන්නරුවේ ඉඳල බස් එකෙන් එනවා.
 
 රටේ සිදුවන දේ බැලූවාම අපට පිස්සු නොවැටෙන එක විතරයි. ඒතරම්ම අප‍්‍රියජනක දේ ඇහෙනවා. අපි රට ඉල්ලන්නේ මොකක්ද කියල තේරුම් ගන්න ඕන. ඉගෙන ගත්තු ළමයි විරැුකියාවේ. උපාධිය අරන් රැුකියාවක් ඉල්ලාගෙන දේශපාලකයන් පසුපස යෑමට සිදු වී තිබෙනවා. රටේ වෙනසක් ඇතිවිය යුතුයි.
 
 හිටපු බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති සුමිත්ලාල් මෙන්ඩිස්, කළුතර නාගරික මන්ත‍්‍රී පාලිත සිල්වා යන මහත්වරු මෙම උත්සව සභාව අමතා කතා කළහ.
 
 කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත, හිටපු නියෝජ්‍ය ඇමැතිනි සුමිත‍්‍රා ප‍්‍රියංගනී අබේවීර, හිටපු පළාත් සභා මන්ත‍්‍රී සුගත් මතුගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
 පාලිත අබේසේකර සහ මංගලසිරි උදයප‍්‍රිය යන රංගන ශිල්පීන් විසින් අලූතෙන් විවෘත කරන ලද රංග ශාලාවේ වේදිකාව මත ප‍්‍රථම රංගනය ඉදිරිපත් කරන ලදී.
 
 පාසල් සිසු සිසුවියන් විශාල පිරිසකට පාසල් පොත් සහ පාසල් උපකරණ ප‍්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.
  

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles