Divaina - තවත් හඩපට දෙකක් එළියට සිල් රෙදි සහ එක්නැළිගොඩ නඩුවලටත් රන්ජන් අතපොවලා

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව විභාග වූ සිල් රෙදි නඩුවේදී ද හිටපු ඇමැති රන්ජන් රාමනායක අධිකරණයට බලපෑම් කළ බව හඬපටයකින් තහවුරු වී තිබේ.

තවත් හඬපට දෙකක් එළියට සිල් රෙදි හා එක්නැලිගොඩ නඩු වලටත් රන්ජන් අතපොවලා අදාළ හඬපටය හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක මහත්මිය හා රන්ජන් රාමනායක මහතා අතර සිදුවන කතාබහකට අදාළ වන්නකි.

මේ බව 12දා පැවැති මාධ්‍ය හමුවකදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කැඳවුම්කරු විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මාධ්‍යයට අනාවරණය කරනු ලැබීය.

සිල් රෙදි සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම පැවැති නඩු විභාගයේදී මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය එම සිද්ධිය පොදු දේපළ පනත යටතට අදාළ නොවන බවට තීරණය කළ බවද එම මාධ්‍ය හමුවේදී විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න කීය. ඉන් පසුව කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාරු කර යවා කුලියාපිටියේ සිට මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය කොළඹට කැඳවා අදාළ නඩුවේදී ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් වරදකරුවන් බවට තීන්දු කළ බවද පැවැසීය.

මේ අතර රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සහ රන්ජන් රාමනායක අතර පැවැති තවත් දුරකථන සංවාදයකට අදාළ හඬපටයකදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වන අවස්ථාවේ යුද හමුදා කර්නල් දයා රත්නායක නමැත්තකුද අතුරුදන්ව ඇතැයි ශානි අබේසේකර හෙළිකර තිබේ.

මේ සම්බන්ධයෙන් 11දා පැවැති මාධ්‍ය හමුවකදී විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා සඳහන් කළේ අදාළ අතුරුදන්වීම් දෙකටම සෘජුවම වගකිව යුත්තේ හිටපු ඇමැති පාඨලී චම්පික රණවක බවය.

අතුරුදන්වූයේ යැයි ශානි අබේසේකර හෙළිකරන ලද කර්නල් දයා රත්නායක යනු පාඨලී චම්පික හිටපු ඇමැතිවරයා සමඟ සමීපව සිටි පුද්ගලයකු යැයිද ඔහු අනාවරණය කළේය.

විමර්ශන නිලධාරියකු ලෙස මෙම තොරතුරු දැන සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකවරයාව සිටි ශානි අබේසේකර එය සඟවාගෙන සිටීම බරපතළ වරදක් බවද සඳහන් කළ අජිත් ප‍්‍රසන්න ඒ බව මෙම සිද්ධියද රංජන් රාමනායක හා ශානි අබේසේකර මහතා අතර සිදුවූ සංවාදයකට අදාළ හඬපටයකින් හෙළිවූ බව අනාවරණය කළේය.

ඉහත සිද්ධීන් දෙකට අදාළ හඬපට විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

සමන් ගමගේ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles