Divaina - පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නාම යෝජනා කැඳවයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

අට වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරයට අදාළ තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා නාමයෝජනා කැඳවීමට පක්‍ෂ නායක සහ පක්‍ෂ නියෝජිත රැුස්වීමේදී ඊයේ (13 වැනිදා) තීරණය කර ඇත.

ඒ අනුව පක්‍ෂ විපක්‍ෂ නියෝජිතයන්ට අදාළ නාමයෝජනා අනිද්දා (16 වැනිදා) පස්වරු 3ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබාදෙන ලෙස කථානායකවරයා විසින් දැනුම් දී තිබේ.ඊට අදාළ යෝජනාව ලබන 21 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට ද නියමිතය.

එසේම මේ මස 21 හා 22 යන දිනවලදී පස්වරු 1 සිට 6.30 දක්වා ද, 23 හා 24 යන දිනවලදී උදේ 10.30 සිට පස්වරු 6.30 දක්වා ද පාර්ලිමේන්තුව රැුස්වීමට මෙහිදී තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 වගන්තියට අනුව සෑම සභා වාරයක් ආරම්භයේදීම තේරීම් කාරක සභාව පත් කළ යුතු අතර, එමගින් අනිකුත් කාරක සභාවල සේවය සඳහා මන්ත‍්‍රීවරුන් නම් කිරීම ඇතුළු අදාළ අනෙකුත් කටයුතු තීරණය කිරීම ද සිදුවේ.

මෙම තේරීම් කාරක සභාව කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්‍ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් එක් එක් සභා වාරය ආරම්භයේදී නම් කළ යුතු සාමාජික මන්ත‍්‍රීවරුන් 12 දෙනකුගෙන් සමන්විතව පත් කරනු ලබයි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්වරුන් වන අජිත් පී. පෙරේරා, ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ රවි කරුණානායක යන මහත්වරු ද එක්ව සිටියහ.

ලසිත දුමින්ද

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles