Divaina - දඹුල්ලට එන එළවළු තොග අඩු වෙයි - එළවළු මිල 100%ටත් වඩා ඉහළ යයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු තොග ප‍්‍රමාණය විශාල ලෙස අඩුවීම නිසා එළවළු කිලෝවක තොග මිල ගණන් ඉහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ. බී. ඒකනායක මහතා කියා සිටියි.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වගාබිම් රැුසක් විනාශ වීම නිසා දඹුල්ල වෙළෙඳපොළට ළඟා වෙන එළවළු තොග ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් ලක්ෂ 12-15 දක්වා පහත වැටීම නිසා වට්ටක්කා හා කැකිරි හැර අනෙක් සියලූම උඩරට හා පහතරට එළවළු වර්ග රැසක මිල ගණන් සියයට 100 කටත් වඩා මිලකට ඉහළ ගොස් ඇති බව කියා සිටියේය.

පවතින තත්වයත් සමග එළවළු පරිභෝජනය අඩුවී අර්තාපල් අල හා පරිප්පු පරිභෝජනය සඳහා ඉහළ ඉල්ලූමක් පවතී.

මේ තත්ත්වයත් සමග කුට වෙළෙඳුන් ඒවායේ මිල ගණන් ඉහළ දමා තිබේ. අර්තාපල් කිලෝවක පසුගිය සතිය ආරම්භයේ පැවතියේ කිලෝවක සිල්ලර මිල රුපියල් 100-120 අතරය. ඊයේ (15 දා) පෙරවරුවේ එම මිල ගණන් රුපියල් 130-150 අතර මිලකට ඉහළ ගොස් තිබේ.

පෙරේදා (14 දා) පස්වරුවේ දඹුල්ල වෙළඳපොළට පැමිණි එළවළු තොග කිලෝවක මිල ගණන් මෙසේය.

බෝංචි - රුපියල් 320 -350 , ලීක්ස් - 300-320 , කැරට් - 220-250 , මාළු මිරිස් - 260-280 , වම්බටු -200-220 , කරවිල - 180-200 , මෑකරල් - 180-200 , වැටකොළු - 200-220, බිට්- 160-180, තක්කාලි - 90-110, බණ්ඩක්කා - 150-170, ලූණු කොළ - 200-220, අමුමිරිස් - 200-300, පිපිඤ්ඤා - 150-160, කැකිරි - 30-40, වට්ටක්කා - 20-30

දඹුල්ල - සරත් එරමිනිගම්මන
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles