Divaina - වී ගබඩා කිරීමෙන් මත්තලට වුණ හානිය ගැන වාර්තාවක් ඉල්ලයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

පසුගිය රජය සමයේ වී ගබඩා කිරීම ඇතුළු රජයේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් මත්තල ගුවන් තොටුපළේ සියලූම අංශවලට සිදුව ඇති හානිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ නිලධාරීන්ට පෙරේදා (14 දා) උපදෙස් දී ඇත.

මත්තල රාජපක්‍ෂ ගුවන්තොටුපළ ක‍්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලූ හා ඊට අදාළ විසඳුම් ඇතුළත් ක‍්‍රියාකාරී සැලැස්මක් තමන් වෙත ලබා දෙන ලෙස එහි නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡුාවේදී ඇමැතිවරයා උපදෙස් දී ඇත.

ඉකුත් වසරේදී (2018) මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිදු වූ ගුවන් ගමන් මෙහෙයුම් සංඛ්‍යාව 709 කි. ඉන් 334 ක් ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් බවත්, 375 ක් අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් බවත් අනාවරණය වී ඇත. එය 2017 වර්ෂයට වඩා සියයට පනහක (50%) අඩුවීමක් බවත් හෙළි වී තිබේ.

මත්තල ගුවන් තොටුපළට 2018 වර්ෂයේදී ගුවන් මගීන් 3403 ක් පැමිණ තිබේ. එය 2017 වර්ෂයට සාපේක්‍ෂව සියයට අසූපහක (85%) අඩුවීමක් බව ද පෙනී ගොස් ඇත. 2017 වර්ෂයේදී කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දැමීම නිසා ගුවන්යානා මත්තලට හරවා යැවීම නිසා ඒ වසරේ ගුවන් යානා පැමිණීම ඉහළ මට්ටමකට පැමිණි බව නිලධාරීන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් 2019 මුල්මාස 08 තුළ මත්තල ගුවන්තොටුපළ ගුවන් යානා මෙහෙයුම් 645 ක් සිදුව ඇති අතර මගීීන් 1297 ක් පැමිණ තිබේ. මෙම මාස කිහිපය තුළ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානා කිසිවක් පැමිණ නැත. මත්තල ගුවන්තොටුපළ ස්වභාවික මරණයකට පත් කර ගුවන් තොටුපළ විකුණා දැමීමට පසුගිය රජයේ අරමුණ වී දැයි ඇමැතිවරයා සැක කරයි.

චමින්ද සිල්වා

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles